හියුමන් මෙටානියුමෝනියා (HMPV) ගැන ඔබත් බියෙන්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ (LNW):

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවන බවයි.

චීනයේ නව ශ්වසන ආසාදන රැල්ල ශීත ඍතුවේ දී බහුලව දක්නට ලැබෙන්නක් බවත්, මෙම වෛරසයෙන් ශ්වසන අපහසුතාවල වැඩිවීමක් ඇති කළත්, එය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නොවන බවත්, සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත.

මෙම  HMPV වෛරස තත්ත්වය සාමාන්‍යයෙන් සතියක් ඇතුළත පහව යන බවත්, කොවිඩ් වසංගතයෙන් පසු මිනිසුන් ශීත කාලයේදී රෝගකාරකවලට ගොදුරුවීමේ වැඩි හැකියාවක් තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන අතර, එහෙත් කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම විශේෂයෙන් වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රවේශම් වීම වඩා වැදගත් බව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තද වැසි – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...