“කොඩිගල කඳු පාමුල කුලේ” කුලසිරි මල්ලිකාරච්චිගේ කලාදිවි ඇගයුම් කෘතිය එළිදකියි! (PHOTO STORY)

කොළඹ LNW: කුලසිරි මල්ලිකාරච්චි මහතාගේ හතළිස් පස් වසක් වන කලාදිවි සැමරුම ඊයේ (05) බණ්ඩාරගම ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

ජගත් මුතුකුමාරණ මහතා විසින් රචිත ”කොඩිගල කඳු පාමුල කුලේ” නමින් රචිත කුලසිරි මල්ලිකාරච්චි මහතාගේ කලා දිවි ඇගයුම වෙනුවෙන් රචිත කෘතිය එහිදී එළිදැක්විණි.

මෙම චරිතාපදාන ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථව කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ,ප්‍රවීණ නාට්‍යවේදී ජනක් ප්‍රේමලාල්,ප්‍රවීණ නාට්‍යවේදී ජගත් මුතුකුමාරණ,ප්‍රවීණ නාට්‍යවේදී ජිනදාස හේන්ගොඩ ඇතුළු ප්‍රවීණ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

එහි මුඛ්‍ය දේශනය පැවැත්වූයේ ප්‍රවීණ ලේඛක,විචාරක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාය.

අවස්ථාව වර්ණවත් කිරීම වෙනුවෙන් ගායනයෙන් රොඩ්නි වර්ණකුල,රවීන්ද්‍ර යසස් සහ රවීන්ද්‍ර කෝදාගොඩ යන කලාකරුවන් එක්විය.

වැයුම ජානක ෆොන්සේකා සහ පුබුදු වල්පිය කලාකරුවන්ගෙනි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/701/Kodigala-Kandu-Pamula-Kule

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...