ඇමරිකා එක්සත් ජනපදය විශිෂ්ඨයන් 19 දෙනෙකු වෙනුවෙන් ජනාධිපති සම්මාන පිරිනමයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සංස්කෘතිය, දේශපාලනය සහ ක්‍රියාකාරීත්වය යන තේමාවන් යටතේ ලොවපුරා සිටින හඳුනාගත් පුද්ගලයන් 19 දෙනෙකු වෙනුවෙන් ඇමරිකාවේ ඉහළම සිවිල් ගෞරවය සම්මානය වන ජනාධිපති සම්මානය ජනාධිපති ජෝ බයිඩන් විසින් පිරිනමා ඇති බව වාර්තා වේ,

මේ අතර වෝග් සංස්කාරක ඩේම් ඇනා වින්ටූර්, ප්‍රකෝටිපති ජෝර්ජ් සෝරෝස්, හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ක්‍රියාදාම නළු ඩෙන්සල් වොෂින්ටන් සහ මයිකල් ජේ ෆොක්ස්, දරිද්‍රතාවයට එරෙහිව ප්‍රචාරණය කිරීම සහ HIV/Aids ඇති අයට සහාය වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ බෝනො හෙවත් පෝල් ඩේවිඩ් හෙව්සන් ඒ අතර වේ.

එමෙන්ම විලාසිතා ක්ෂේත්‍රයේ නම තැබූ වින්ටෝර්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, අධ්‍යාපනය සහ සමාජ සාධාරණත්වය ශක්තිමත් කරන ලොව පුරා සංවිධාන සහ ව්‍යාපෘති දියත් කිරීම වෙනුවෙන් ප්‍රකෝටිපති දානපතියෙකු සහ ඩිමොක්‍රටික් මෙගාඩෝනර් ජෝර්ජ් සෝරෝස්,ග්‍රහලෝක සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රූපවාහිනී සත්කාරක Bill Nye සහ ලෝක ප්‍රසිද්ධ සංරක්ෂණ විද්‍යාඥ Jane Goodall, Back to the Future තරුව මයිකල් ජේ ෆොක්ස් මෙන්ම සුප්‍රකට පාපන්දු තරුවක් වන ලයනල් මෙසී, විශ්‍රාමික ලොස් ඇන්ජලීස් ලේකර්ස් පැසිපන්දු ක්‍රීඩක අර්වින් ජොන්සන් සහ විලාසිතා නිර්මාණකරු රැල්ෆ් ලෝරන් ද ජනාධිපති සම්මාන ලැබූ විශිෂ්ඨයන් විය.

මෙම සම්මාන ප්‍රධානය සම්බන්ධයෙන් ධවල මන්දිරය සඳහන් කර තිබුණේ, ප්‍රතිලාභීන් තෝරාගෙන ඇත්තේ ඔවුන් සිය රටට සහ ලෝකයට අසාමාන්‍ය දායකත්වයක් ලබා දුන් සහය තේමා කරගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිසර අමාත්‍යංශයේ “වනස්පති” වැඩසටහන ඉදිරියට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : පරිසර අමාත්‍යංශයේ “වනස්පති”...

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයනවක විනිසුරු පාඨමාලාව සාර්ථකව පවත්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය...

ප්‍රසන්න ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න...

ගෙවුණු පැය 24ට වැටලීම්වලින් 1105ක් අත්අඩංගුවේ!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩපිළිවෙලට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක අකර...