කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පුරප්පාඩු පිරවීමට රජයේ අවධානය!

Date:

කොළඹ LNW:කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සේවයේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන අතර එම පුරප්පාඩු පුරවා ගොවි ජනතාව ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයන් වෙනුවෙන් උපරීම සේවය ලබා දෙන බව කෘෂෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

විශේෂයෙන්ම රජයට සම්බන්ධ පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන්ගේ හිගය කැපී පෙනෙන බැවින් හැකි ඉක්මණින් එම කටයුතු සම්පූර්ණ කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ගොවි ජනයා රැක ගැනීම වත්මන් රජයේ මූලික අරමුණ වන හෙයින් ඒ වෙනුවෙන් රජය සෑම විටම කටයුතු කරන බව හෙතෙම කියාසිටියි.මේ අතර වී අලෙවි මණ්ඩලය වැනි ආයතන යළි සක්‍රීය කොට මහජනතාව වෙත සහන සැපයීමට කටයුතු යොදන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ පසුගියදා මහනුවර පැවති කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ ප්‍රගති සමාලෝචනයකට සහභාගී වීමෙන් අනතුරුරව මාධ්‍යට අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...