රනිල්ට සහය දීලා අපි බෙදුණා. රට ස්ථාවර වුණා.කණගාටුවක් නැහැ – නාමල්

Date:

කොළඹ LNW:පාරම්පරික හා ප්‍රතිපත්තිමය වශයෙන් රනිල් වික්‍රමසිංහ පාර්ශවය සමඟ එකඟතාවක් නොතිබුණත් එදා ඒ මොහොතේ පැනනැගුණ අවශ්‍යතාව පරිදි රට භාරගත් එකම පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සහය දී රට ස්ථාවර කිරීමට සහය වීම ගැන සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එම ක්‍රියාවෙන් රට ස්ථාවර වුවද දේශපාලනික වශයෙන් බෙදීමක් ඇති වුණත් ඒ පිළිබඳව පසුතැවීමක් නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”රනිල් වික්‍රමසිංහ මහත්තය එක්ක තිබ්බේ දීගයක් නෙවෙයි තාවකාලික විවාහයක්. රටේ අවශ්‍යතාව අනුව අපි ඒ කාරණය ඉෂ්ට කරනවා. මොකද අපි දේශපාලනය කරන්නේ අපේ අවශ්‍යතාවට නෙවෙයිනේ. දේශපාලන බලවේගයක් විදිහට අපිට වගකීමක් තියෙනවා රටේ පැනනැගෙන දේශපාලන අවශ්‍යතාවන්ට අනුකූලව හැඩගැහෙන්න. ඒ අනුව පාරම්පරික වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් හැම කාරණයකදීම අපියි රනිල් වික්‍රමසිංහ මැතිතුමායි අතර සමබන්ධයක් නොතිබ්බත් ඒ වෙලාවේ විපක්ෂ නායකතුමා භාරගත්තේ නැහැ. අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිතුමා භාරගත්තේ නැහැ. ෆොන්සේකා මහත්තයා භාරගත්තේ නැහැ. ඒ අනුව භාරගත්ත එකම මනුස්සයට උදව් කරලා රට ස්ථාවරත්වයට අරගෙන එන්න අපි කටයුතු කළා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. එක පැත්තකින් රට ස්ථාවර වුණා. අනික් පැත්තෙන් අපි දේශපාලනිකව බෙදුණා. ඒක වෙනම කාරණයක්. හැබැයි අපි ඒ වෙලාවේ කළ යුතු දේ කළා. ඒ පිළිබඳව අපි පසුතැවෙන්නේ නැහැ.”

මේ අතර එක්සත් ජාතික පක්ෂයද නැවත ශක්තිමත් විය යුතු බව මන්ත්‍රීවරයා කියා සිටියි.

”එක්සත් ජාතික පක්ෂයේ බෙදී වෙන් වී ගිය පිරිස් එකතුකරලා තමන්ගේ පක්ෂය ශක්තිමත් කරගත යුතුයි. මොකද ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය. ශ්‍රී ලංකා පොසුජන පෙරමුණ ලෙස අපි අපේ දේශපාලනය කරනවා. එක්සත් ජාතික පක්ෂය විදිහට එතුමන්ලා ඒ දේශපාලනය කරන්න ඕනේ. එතුමන්ලා එකතුවෙලා ශක්තිමත්ව ගොඩනැගෙනවා නම් හොඳයි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ පක්ෂ ශක්තිමත් වෙන තරමට ජනතාවට හොඳයි. අපි දේශපාලනයේදී පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ ජනතාව වෙනුවෙන්. ජනතාවට සෙතක් වෙනවා නම් අපි ඒක තමයි කළ යුත්තේ. දේශපාලන පක්ෂ නොමැති වෙලාවක අපි දැකල තියෙනවා ආයුධ අරන් එළියට බහිනවා. මිනිස්සු ආයුධ අරන් එළියට බහින එකද විය යුත්තේ, ප්‍රජාතනත්‍රවාදී රාමුව තුළ ආණ්ඩු මාරු කරන එකද විය යුත්තේ? එහෙම නම් එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන්, අනිත් දේශපාලන පක්ෂ වෙන්න පුළුවන්,අලුතෙන් ගොඩනැගෙන්න බලන් ඉන්න නායකයෝ වෙන්න පුළුවන්. තම තමන්ගේ පක්ෂ ශක්තිමත් කරමින් ඉස්සරහට යන්න ඕනේ.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...

චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග...