ඉන්දියාව අභ්‍යවකාශයට පවා දිස්වන ලොව විශාලතම ආගමික රැස්වීම වන කුම්භමේලා වෙනුවෙන් සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ පැවැත්වෙන ලොව විශාලතම සංස්කෘතික මංගල්‍ය වශයෙන් සැලකෙන කුම්භමේලා උත්සවය වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රයග්‍රාජ් නගරය මේ වන විට සුදානම් වන බව වාර්තා වේ.

අභ්‍යවකාශයේ සිට දැකගත හැකි තරම් විශාල වූ දින 45 ක දර්ශනයන් නැරඹීමට මෙවර මිලියන 400 ක පමණ වන්දනාකරුවන් පිරිසක් සහභාගී වනු ඇතැයි ඉන්දීය රජය අපේක්ෂා කෙරේ.

පෙබරවාරි 26 වන දින අවසන් වන මෙම උත්සවය එක්සත් ජාතීන්ගේ සංවිධානය වන යුනෙස්කෝ විසින් මානව වර්ගයාගේ උරුමයක් ලෙස පිළිගෙන ඇත. එහි මූලාරම්භය මුල් බැස ඇත්තේ සාගර කැළඹීමේදී මතු වූ අමෘත කුම්භයක් (කුඹයක්) අරභයා දෙවිවරුන් සහ යක්ෂයන් අතර ඇති වූ සටනක් පිළිබඳ පුරාවෘත්තයකිනි. ඔවුන්ට අමරණීයභාවය පොරොන්දු වූ අමෘත බඳුන සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සටන් කරන විට, ප්‍රයාග්‍රාජ්, හරිද්වාර්, උජ්ජයින් සහ නාසික් යන නගර හතරක බිංදු කිහිපයක් ගලා ගිය බව කියවේ.

එළඹෙන සති හයක කාලය තුළ පැවැත්වීමට අපේක්ෂා කරන මෙම උත්සවය දිය නෑ මෙන් ආරම්භ වන අතර මුල්ම සඳුදා දිනයේ බැතිමතුන් මිලියන පහක් හෝ අටක් දිය නෑමට අපේක්ෂා කරන අතර පසුදින මිලියන 20 ඉක්මවනු ඇතැයි අපේක්ෂා
කෙරේ. ස්නානය කරන දිනයන් සහ නැකැත් වේලාවන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයින් විසින් තීරණය කරනු ලබන අතර හින්දු භක්තිකයන්ට අනුව, පූජනීය ගංගාවේ ස්නානය කිරීමෙන් ඔවුන් පව් ඉවත් කර, ඔවුන්ගේ ආත්මය පිරිසිදු කර, උපත සහ මරණය යන චක්‍රයෙන් ඔවුන් නිදහස් කරන බවයි.

කෙසේ නමුත් මේ වන විටත් කුම්භාමෙලා නැරඹීමට ලොවපුරා බැතිමතුන් විශාල ප්‍රමාණයක් පැමිණ තිබේ,

වන්දනාකරුවන්ට සහ සංචාරකයින්ට නවාතැන් ගැනීම කිලෝමීටර් 650ක් තාවකාලික මාර්ග දමා හෙක්ටයාර 4,000ක් තුළ කූඩාරම් 160,000 ක් ඉදිකර ඇති අතර ඒ වෙනුවෙන් ආරක්ෂාව පතා පොලිස් සහ ආරක්ෂක නිලධාරීන් 40,000ක්, සනීපාරක්ෂක සේවකයින් 15,000 ක්, මිලියන භාගයකට අධික වාහන සඳහා වාහන නැවැත්වීමේ ස්ථාන 99ක් මෙන්ම ගඟ හරහා පාවෙන පොන්ටූන් පාලම් 30 ක්, වීදි ලාම්පු 67,000ක් , 150,000 වැසිකිළි; බඳුන් 25,000 ක්, ජල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 200 ක් සහ නල ළිං 85 ක් ඉදිකර ඇති අතර උත්සවය සංවිධානය කිරීම සඳහා රුපියල් බිලියන 70 ක් (ඩොලර් මිලියන 812; පවුම් මිලියන 665 ක්) වැය කරන බව ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...