ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබාදීමට ඇමැති වසන්තගෙන් ක්‍රමවේදයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ (LNW):

රට පුරා පවතින සතොස වෙළඳසැල් සංඛ්‍යාව ඉදිරි වසර 03 ඇතුළත දහසක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත්, ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබාදීමට සතොස වෙළඳසැල් ජාලය තවදුරටත් ව්‍යාප්ත කරන බවත්, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එමෙන්ම පාරිභෝගිකයන්ට පහසුකම් සැපයීම වෙනුවෙන් මෙම වසර තුළ දී පමණක් සතොස වෙළෙඳසැල් 150කට වැඩි සංඛ්‍යාවක් ආරම්භ කිරීමට බලාපොරොත් වන බවයි .

අනුරාධපුර පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පිහිටි සතොස වෙළඳසැල නවීකරණයෙන් පසු විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට සතොස සභාපති සමිත පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට තවත් වගකීමක්

කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා...

ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂයට වැඩිම මුදල 2026. ජනාධිපතිතුමාගේ විනාඩියක වියදම රුපියල් 21,000යි – දයාසිරි

ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ දැඩි...

21 වැඩේ පරණද ?

මම හිතනවා මේ වෙද්දී ලංකාවේ දේශපාලනයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම...