ලෝක කුසලානයේ පළමු අර්ධ ශතකය දැහැමිගෙන්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 19 ,(LNW)කොළඹ :

මෙවර අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ පළමු අර්ධ ශතකය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ දැහැමි සෙනෙත්මා සමත් වුණා.නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ කණ්ඩායමට පිවිසි දැහැමි,මෑත කාලයේ දී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ සාර්ථකම පිතිකාරිණියක ලෙස නිතර ලකුණු අතර රැඳෙන්නියක වෙනවා.


මැලේසියාවට එරෙහිව මේ මොහොතේ පැවත්වෙන තරගයේදී දැහැමි පන්දු 48 න් සිය අර්ධ ශතකය සපුරන ලද අතර ඇය පන්දු 52 දී ලකුණු 54 ක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් කරනු ලැබුවා.දැහැමි අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගයක ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතකයක් ලද තෙවැන්නිය වන අතර ඇයට පෙර විහ්මි ගුණරත්න සහ දෙව්මි විහංගා අර්ධ ශතක රැස් කරගෙන තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා පාඩුව ඩොලර් බිලියන දෙකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...