මන්ත්‍රී අර්චුනාට වැඩ වරදී. උසාවියෙන් නියෝගයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඊයේ රාත්‍රියේදී මන්ත්‍රීවරයා විසින් අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී රථ වාහන පොලීස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන ආකාරයට කටයුතු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අද (21) දිනයේදී අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ය.

සැකකාර මන්ත්‍රීවරයා දණ්ඩ නීති සංග්‍රහයේ 183 සහ 344 යටතට වැටෙන වැරදි මෙන්ම මෝටර් වාහන පනත යටතට වැටෙන වැරදි ද සිදුකර ඇති බවට පොලීසිය අධිකරණයට කරුණු දක්වා ඇති අතර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය පෙබරවාරි 03 වනදාට අධිකරණයට වෙත ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...