පළිබෝධනාශක සඳහා පනවා තිබුණු කෝටා ක්‍රමයත් රිවස් කෙරේ

0
524

පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය ලත් පළිබෝධනාශක, වල්නාශක, කෘමිනාශක සහ දිලීරනාශක සඳහා මෙතෙක් පනවා තිබුණු සලාක ක්‍රමය ඊයේ (26) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

“පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය ලත් බෝග ආරක්ෂක පළිබෝධනාශක, කෘමිනාශක, වල්නාශක සහ දිලීරනාශක සඳහා මෙතෙක් පනවා තිබුණු කෝටා ක්‍රමය අපි අහෝසි කරනවා. ඒ අනුව ගොවීන්ට කෘෂිකර්මාන්තයේදී අවශ්‍ය මෙම දේවල් බහුල කරන්න කටයුතු කරනවා, ඒකෙන් අධික මිල පහළ යනවා. අපි අද ඒ තීන්දුව ගත්තා. ඒ අනුව ඒවා ආනයනය කරනවා. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ ඉහළ ගුණාත්මක කෘමිනාශක අපි ගොවීන්ට ගෙනත් දෙනවා”

රසායනික පොහොර ද ඉතාම කෙටි කාලයක් තුළ ආනයනය කර ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ගොවි බිමට ගොස් වගා කටයුතු ආරම්භ කරන්නැයි ද ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

පළිබෝධනාශක සහ රසායනික පොහොර ආනයනය තහනම් කෙරුණේ ජනාධිපතිවරයාගේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය යටතේ ය. එම තහනම නිසා පසුගිය කාලය තුළ රටේ සමස්ත කෘෂිකර්මාන්තය දැඩි පසුබෑමකට ලක්විය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here