පාර්ලිමේන්තුවේ කෑම මිල ගැන තීරණය අද. කැබිනට් අනුමැතියටත් සූදානම්!

කොළඹ LNW:පාර්ලිමේන්තුව ආහාර සම්බන්ධයෙන් මතුව තිබෙන විවාදාත්මක තත්ත්වයට පිළියමක් ලෙස නිසි ගෙවීමකට යටත්ව ආහාර ලබා දීම පිළිබඳ රජය අවධානය යොමුකර තිබෙන බව පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේය.

අද (23) දිනයේදී අදාළ යෝජනාවට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවෙන් ආහාර ගැනීමේදී මුදල් ගෙවා නියමිත ආහාර ලබාගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...