ඇමතිවරුන්ට හිමිව තිබුණු තවත් දීමනාවක් කප්පාදු වෙයි!

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හිමිව තිබුණු නිල වාහන ප්‍රමාණය හා ඉන්ධන දීමනාව අඩු කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව 2025 ජනවාරි 21 චක්‍රලේඛයට අනුව අමාත්‍යවරයෙකුට හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට නිල වාහන දෙකක් දක්වා අඩුකර මාසිකව හිමිවන ඉන්ධන දීමනාව (ඩීසල්) ලීටර 900ක් දක්වා අඩුකර ඇත.

මීට පෙර එනම් අවසාන වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ කාල සීමාවේදී අමාත්‍යවරයෙකුට හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට නිල වාහන තුනක් භාවිතා කිරීමේ අවසරය තිබුණු අතර මාසික ඉන්ධන දීමනාව ඩීසල් ලීටර 1950ක් ලෙස ලබා දී තිබුණි.

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර වත්මන් ආණ්ඩුවේ උක්ත තීරණය අනුව ඇමතිවරුන්ට හිමිවූ ඉන්ධන දීමනාවෙන් ඩීසල් ලීටර 1050ක් අඩු කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...