පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වෙඩි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ (LNW):

අද (23) රාත්‍රියේදී , පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය වෙඩිතබා තිබේ.

කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ උතුර යතුරුපැදි කණ්ඩායම විසින් අදාළ වෑන් රථය හඹාගොස් වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩිවැදීමෙන් වෑන් රථයේ සිටි අයෙකු  සුළු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන්නේ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අදාළ වෑන් රථය පරීක්ෂා කිරීම සඳහා නතර කරන ලෙසට අණ කර තිබුණත් නොනවත්වා ධාවනය කිරීම නිසා හඹාගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි. එම වෑන් රථයේ තිබී නීතිවිරෝධී මත්පැන් සොයාගෙන ඇති බවද පැවසේ. 
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...