පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වෙඩි!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ (LNW):

අද (23) රාත්‍රියේදී , පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය වෙඩිතබා තිබේ.

කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ උතුර යතුරුපැදි කණ්ඩායම විසින් අදාළ වෑන් රථය හඹාගොස් වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩිවැදීමෙන් වෑන් රථයේ සිටි අයෙකු  සුළු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන්නේ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අදාළ වෑන් රථය පරීක්ෂා කිරීම සඳහා නතර කරන ලෙසට අණ කර තිබුණත් නොනවත්වා ධාවනය කිරීම නිසා හඹාගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි. එම වෑන් රථයේ තිබී නීතිවිරෝධී මත්පැන් සොයාගෙන ඇති බවද පැවසේ. 
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...