මාස ගාණක් ඇදෙන පාස්පෝට් ගැටලුව ගැන විපක්ෂ නායක සජිත් යළි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම මාස ගණනාවක් තිස්සේ විසඳිය නොහැකි ජාතික ගැටලුවක් වී ඇති අතර නව රජය මගින් 2024 නොවැම්බර් 4 වැනි දා සිට මාර්ගගත ක්‍රමය හරහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට දින වෙන් කළත් තවමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට මාස 3ක හෝ 4ක කාලයක් බලා සිටින බැවින් මේ නිසා විදේශ රැකියා සදහා යොමුවන පිරිස් අපහසුතාවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම අතයට මුදල් ලබා ගනිමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ද සිදුවන බැවින් මෙරට ජනතාවට මුහුණ දීමට සිදුවන කාලීන ගැටලුව කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියෙ ඊයේ (ජනවාරි 23) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න කරමිනි.

එක් එක් වර්ගීකරණයන්ට අදාළව ඉල්ලුම් කළ අයකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ගතවන කාලය, දෛනිකව නිකුත් කරන සහ අයදුම් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවේ සාමාන්‍ය, මෙම ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ වැඩපිළිවෙළ සාමාන්‍යකරණය කිරිමට බලපෑ හේතු මෙන්ම එය සාමාන්‍යකරණය වෙතැයි අපේක්ෂිත දිනය ද විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.

තවද 2024 ජනවාරි සිට මේ දක්වා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ලැබුණු අයදුම් පත්‍ර ගණන මෙන්ම මේ වන විට නිකුත් කර ඇති බලපත්‍ර ප්‍රමාණයත් මේ වන විට නිකුත් කිරීමට ඇති ප්‍රමාණය සහ ඒ සදහා ඇති බලපත්‍ර ප්‍රමාණය සම්බන්දයෙන් ද ප්‍රශ්න කර සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් ප්‍රශ්න කර සිටියේ මේ වන විට විදේශ ගමන් බලපත්‍ර සැපයුම් කරුවන් කවුරුන්ද යනුවෙනි.

මේ සම්බන්ධ ටෙන්ඩර්වලට අදාළ තොරතුරු සභාගත කරන ලෙසත් දැනට දැනට නිකුත් කරන බලපත්‍රය ගුණාත්මක පිරිවිතරයන්ට අනුව සකස් කරන්නේද යනුවෙනුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලක්ෂ ගණනක් අපේක්ෂාවෙන් සිටින බවත් ප්‍රේෂණ වැඩි කිරීමට විදේශ රැකියා ප්‍රවර්ධනය වැදගත් බවත් මේ අයට පහසුකම් සැලසීම රජයේ වගකීම බැවින් මේ සඳහා ගන්නා පියවර කඩිනමින් පැහැදිලි කරන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...