කොළඹ LNW:ඖෂධ මිල අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්රණයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.
එම නව ක්රමවේදය යටතේ මෙරටට ආනයනය කරන ඖෂධයක් අලෙවි කළ හැකි උපරිම මිල පරාසයන් ගැසට් මගින් ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
ඖෂධ මිල නියාමන බලතල ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැවරෙන පරිදි ඒ සඳහා රෙගුලාසි පනවන අතර රෙගුලාසි පැනවීමත් සමග වරායේදීම ඖෂධවල මිල ගණන් තීරණය කළ යුතු වෙයි. එය නිසි පරිදි ක්රියාත්මක වේ දැයි සොයා බැලීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුවට බලතල පැවරීමට ද නියමිත බව සඳහන්.
ආශිකා බ්රාහ්මණ