මීගමු කිරුළු ඉරානයට සහ කසකස්තානයට,ඉදහිට තරග ලැබෙන ශ්‍රී ලංකාවට අනු සූරතාවය

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 27 ,(LNW)කොළඹ :

මධ්‍යම ආසියාතික වෙරළ වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පිරිමි සහ කාන්තා අනු සූරතාවලින් සෑහෙන්නට සිඳු වුණා.රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් විසිරුණු පැතිරුණු ස්වභාවයක් නැති නිසා,මේ තරගවලට සහභාගි වූ බොහෝ දක්ෂයන්ට සාපේක්ෂව, ලාංකේය දක්ෂයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලැබෙන්නේ කන කැස්බෑවා විය සිඳුරෙන් අහස බලන්නා සේ යි.එවැනි වට පිටාවක තමන්ට වඩා ජාත්‍යන්තර අත්දැකීම් ඇති,ප්‍රවීන වෙරළ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ උරෙනුර ගැටෙමින් ශ්‍රී ලංකාව අනු සූරතා දිනා ගැනීම අගය කළ යුතුයි.

ශ්‍රී ලංකා අංක එක පිරිමි කණ්ඩායම නියෝජනය කරන දීලීප චාමික සහ මලින් ඩිල්ෂාන්
විසින් එහිදී ඉරානයේ GhalehNovi/Abolhassan මූලික හමුවේදී පරාජයට පත් කිරීම විශේෂත්වයක් වුණා.එහෙත් අත්දැකීම් බහුල ඉරාන ක්‍රීඩක යුගලය අවසාන තරගයේදී සිය අත්දැකීම් මොනවට ප්‍රයෝජනයට ගනිමින් දිලීප සහ මලීන් පරාජය කර සූරතාවය දිනා ගත්තා.

ඉරාන ක්‍රීඩක යුගලයට අයත් GhalehNovi Aghajani 19 පහළ ආසියානු ශූරතාවය සහ ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලන ශූරතාවයේ තෙවන ස්ථානය දිනා,FIVB ශ්‍රේණිගත කිරීම්වල 57 ස්ථානය දක්වා පැමිණ තිබීමෙන්ම ඔවුන්ගේ ජාත්‍යන්තර තරග අත්දැකීම සමඟ ප්‍රවීනත්වය පැහැදිළි කර ගත හැකියි.

කාන්තා අවසාන තරගයේදී කසකස්තානයේ Kabulbekova/Ivanchenko දෙදෙනා අතින් ශ්‍රී ලංකා අංක 1 කණ්ඩායම වන කසුනි තාරුකා සහ දීපිකා බණ්ඩාර යළිත් පරාජයට පත් වුණා.කසුනි සහ දීපිකාත් තමන්ට ඇති සීමිත ජාත්‍යන්තර තරග අවස්ථාවන්වලින් උපයාගත් දැණුම් හැකියාවත්,පවතින පහසුකම්වලට සාපේක්ෂව උපරිමය නෙලා ගන්නට කරන කැපවීමෙනුත් යුතුව සූරියන්ට පමණක් දෙවැනි වෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය උපරිමය ලබා දුන්නා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : ඉන්දියානු සාගර වෙරළබඩ...

නව නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : රාජගිරිය , ඔබේසේකරපුර,...

පෞද්ගලික අංශයේ අවම වැටුප ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : 2026 ජනවාරි පළමු...

හරිනිට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් දින දෙයි!

කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය...