සමස්ත මහා වැඩවර්ජනයට වෘත්තීය සමිති එකින් එක එක්වෙයි!

Date:

හෙට (28) දිනයේ ක්‍රියාත්මක සමස්ත මහා වැඩවර්ජනයට රජය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු සියලුම ක්ෂේත්‍රවල වෘත්තීය සමිති එක්වෙමින් සිටිනවා.

ඒ අනුව හෙට දින පැවැත්වීමට නියමිත වර්ජනයට සහ හර්තාලයට වෘත්තීය සමිති දහසකට වැඩි ප්‍රමාණයක් එක් වී සිටින බවයි දැක්වෙන්නේ.

පවතින තත්ත්වය අනුව හෙට දින පාසල්, තැපැල් කාර්යාලය, ප්‍රවාහන, සෞඛ්‍ය අංශ, බැංකු ඇතුළු සෑම ක්ෂේත්‍රයකම දෛනික කටයුතු ඇන හිටිනු ඇති.

ජනතාවගේ හඬට කන් නොදී හිතුවක්කාරී ගමනක් යාමට සූදානම් වීමත් සමඟ මෙම මහා වැඩවර්ජනය සංවිධානය කර තිබෙන අතර එහි මුල් අදියරක් ලෙස පසුගිය 25 වැනිදා දිවයිනේම ගුරු, විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරු සංකේත වැඩවර්ජනයක නිරත විණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...