ගාසා වැසියන්ට ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගෙන් සුබ පණිවුඩයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලය සඳුදා සිට ගාසා වැසියන්ට උතුරේ නිවෙස්වලට ආපසු යාමට ඉඩ දෙන බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට ගාසා වැසියන් නැවත පැමිණීම ප්‍රමාද කිරීමට හේතු වූ ආරවුලක කේන්ද්‍රස්ථානයවන අර්බෙල් යෙහුඩ් මෙම ප්‍රාණ ඇපකරුවන් අතරට ඇතුළත් වන බව සඳහන් වේ.

හමාස් සංවිධානය සෙනසුරාදා සොල්දාදුවන් හතර දෙනෙකු නිදහස් කළ නමුත් අර්බෙල් යෙහුඩ්මව නිදහස් කළේ නැහැ. නමුත් ඇයත් ඔවුන් අත්රට මුළදී ඇතුලත් කළ බවට මත පළවී තිබුණි. මේ අතර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඊශ්‍රායල සිවිල් වැසියන් පළමුව නිදහස් කළ යුතු බවට වූ සටන් විරාම ගිවිසුම හමාස් සංවිධානය මේ වන විට උල්ලංඝනය කරන බවට ඊශ්‍රායලය චෝදනා කරයි.

සටන් විරාම ගිවිසුම බලාත්මක වූ දා සිට, ප්‍රාණ ඇපකරුවන් හත් දෙනෙකු හමාස් සංවිධානය විසින් නිදහස් කර ඇති අතර, ඊශ්‍රායලය සිරකරුවන් 200 කට වැඩි පිරිසක් නිදහස් කර ඇති බව සඳහන් වේ.උතුරු ගාසා තීරයට ළඟා වීමට උත්සාහ කරන අවතැන් වූ පලස්තීනුවන් දහස් ගණනක් දින දෙකක් තිස්සේ එහි හමුදා බාධකය අසල රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් නිදහස් කිරීමේ මෙම සටන් විරාම ගිවිසුම ජනවාරි 19 වන දින සිට බලාත්මක වූ අතර මේ වන විට අවසන් කර ඇති හුවමාරු ගණන දෙකකි. තෙවන හුවමාරුව ලෙස , හමාස් සංවිධානය සිකුරාදා යෙහුඩ් මහත්මිය සහ තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීමට නියමිත අතර, අගමැති නෙතන්යාහු පවසන්නේ, සෙනසුරාදා තවත් තිදෙනෙකු නිදහස් කරන බවයි. සඳුදා සිට ඊශ්‍රායලය පලස්තීනුවන්ට උතුරට යාමට ඉඩ දෙන අතර, සතියේ අග භාගයේදී තවත් පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට ද ඉඩ ඇති බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මේ වන විට අවතැන්වූ දැවැන්ත ජනකායක් උතුරු ගාසා තීරයට ළඟා වීමට බලා සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් පාලන කොමසාරිස්ගේ අභිමතයට අභියෝග කරන්න හැකියාවක් නැහැ – මැ. කො ප්‍රශ්නය විසඳයි!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ උපසභාපතිවරු තෝරා ගැනීමේ...

මිලාන් රත්නායකට එක්දින වරම්…?

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: අද දිනයේ පැවත්වෙන් ශ්‍රී...

ඩේසි ෆොරොස්ට් සහ යෝෂිතට අධි චෝදනා භාර දෙයි!

රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ LNW : අද (02) දින...