ශ්‍රී ලයන්ස් යළිත් පෙරළියක් කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 27 ,(LNW)කොළඹ :

ජාත්‍යන්තරයේ එකතු කරගනිමින්,නිවැරදි පරීක්ෂණයක් නොවන තත්ත්වයක වැරදිකරුවන් නොවී ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ ආධිපත්‍ය තහවුරු කරගන්නට පුද්ගලයන්ගේ උවමනාවන් වෙනුවෙන් හැසිරෙන පිරිස බලපෑම් කරමින් පළමු පෙළ ප්‍රවේශය අහිමි කරන්නට උත්සාහ කළ ශ්‍රී ලයන්ස් කණ්ඩායම, ඒ සියල්ලට සිය හැකියාවන්ගෙන් උත්තර දෙමින් පළමු පෙළ තරගාවලියේ සිය දෙවන ජය අත් කර ගන්නට සමත් වුණා.ඒ වැලිසර නාවික හමුදා පිටියේදීම නාවික හමුදාවට එරෙහිව ලකුණු 39 – 33 ක ජයක් ලබමින්.

ශ්‍රී ලයන්ස් ලකුණු 39 සඳහා උත්සාහක දිණුම් පහක් සහ එහි සාර්ථක ප්‍රවර්තන හතරක් ද,දඬුවම් පහර දෙකක්ද ඇතුළත් වුණා.නාවික හමුදා කණ්ඩායම උත්සාහක දිනුම් පහක් ද, එහි එහි සාර්ථක ප්‍රවර්තන හතරක් මඟින්ද ලකුණු 33 ලබා ගත්තා.

ශ්‍රී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් දුරාජ් නවෝද්‍ය, ආරොන් පෙරේරා,ප්‍රසාද් මදුශංක, කවීෂ ඉඳුරංග සහ අනුරාධ සිල්වා උත්සාහක දිණුම් ලබා දුන්නා.ජානක චන්දිමාල් ඉන් හතරකින් ප්‍රවර්තන සාර්ථක කර ගැනීමට සමත් වුණා.

දෙනුවන් වික්‍රමාරච්චි,ඉමංක ඉෂාර, ප්‍රමුදිත් ඈපා,තිළිණ වීරසිංහ සහ ස්ටෙෆාන් ජෝර්ජි නාවික හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුම් ලබා ගත්තා.ඉන් හතරක ප්‍රවර්තන සාර්ථක කර දෙන්නට තිරණ වීරසිංහට හැකි වුණා.

මහනුවර කණ්ඩායම සිය ආධිපත්‍ය තව දුරටත් තහවුරු කර ගනිමින්,මහනුවර නිත්තවලදී ගුවන් හමුදාවට දැඩි ප්‍රහාරයක් එල්ල කළා.උත්සාහක දිනුම් හයකින් සාර්ථක ප්‍රවර්තන දෙකකින් සහ දඬුවම් පහරකින් මහනුවර කණ්ඩායම ලකුණු තිස් හතක් රැස් කර ගනු ලැබුවා.ඊට පිළිතුරු ලෙස ගුවන් හමුදා කණ්ඩායමට සඳරු මන්දි වූ ලබා දුන් උත්සාහක දින මේ ලකුණු පහෙන් පමණක් සෑහෙන්නට සිදුවුණා.

කාවිංග පෙරේරා,දිනාල් ඒකනායක, දහන් වික්‍රමාරච්චි,හෙෂාන්ජජන්සන්,ධනුෂ්ක රන්ජන් සහ ශ්‍රීමත් සූරිය බණ්ඩාර උත්සහක දිණුම් වාර්තා කරන්නට සමත් වුණා.ආසිරි සෙනෙවිරත්න ඉන් දෙකක ප්‍රවර්තන සාර්ථකව නිමා කළ අතර තරින්ද රත්වත්ත එක් දඬුවම් පාරක් සාර්ථක කර ගැනීමට සමත් වුණා

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...