රක්ෂිත බන්ධනාගාරගතකර සිටින යෝෂිත අද අධිකරණයට!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ (LNW):

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහුව අත්අඩංගුවට ගැණුනේ, මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේය.

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසළදී පෙරේදා (25) දිනයේ අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් තිබුණු අතර, පැය 4ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොළඹ අලු‍ත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි හමුවට ඉදිරිපත් කිරීමේ අනතුරුව අද (27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව පෙරේදා (25) දිනයේ  යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...