මහ බැංකු අධිපතිවරයා සතු වගකීම, සුළුපටු නැත …

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට මේ වන විට මහබැංකු අධිපතිවරයා ඇතුළු පිරිස ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත.

මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්වයට මැදිහත්වීමට විශ්වාසවන්ත පුද්ගල චරිතයක් ලෙස සිය කාර්යභාරය භාරගත් එහි අභිනව අධිපතිවරයා පසුගියදා මාධ්‍යයට ඉතාමත් වැදගත් කරුණු ඇතුළත් ප්‍රකාශයක් කළේය.අඩසියවසකට ආසන්න කාලයක් පුරා දේශපාලන මඩ ගොහොරුවේ ගිලී සිටින රාජ්‍ය සේවකයකුට ප්‍රකාශ කළ නොහැකි සෘජු අදහස් දැක්වීමක් ඔහු විසින් කරන ලදී.

නැගී සිටීමට නම් වැටි සිටිය යුතුමය. රාජ්‍ය සේවකයෙකු ලෙස මහ බැංකු අධිපතිවරයාට එවැනි සෘජු ප්‍රකාශයක් කිරීමට තරම් එඩිතර බවක් දැක්වූයේ අසීරුතා මගහැරීමට නම් පවතින බාධාවන් පළවා හැරිය යුතුය යන නිශ්චිත නිගමනය තුළ සිට විය යුතුය. මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානම ඉල්ලීම වූයේ, කිසිදු දේශපාලන බලපෑමකින් තොරව තීරණ ගත හැකි වාතාවරණයක් නිර්මාණය විය යුතු බව හා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ හා ජනතාවගේ ආශිර්වාදය අපේක්ෂා කරන බවත්ය.

කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීම ක්ෂණිකව කළ නොහැකි බවත්, පවතින තත්වය තුළ තව ටික කාලයක් මේ ආකාරයටම යාමට සිදුවන බවත් සෘජු අදහස් දැක්වීමකින් යුතුව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම ඉතාමත් ප්‍රශංසනීයයි.රටක් ලෙස මේ මෙම ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ එන බවට, සති දෙකක් ඇතුළත ජාත්‍යන්තර වෙළෙඳ පොළට හොඳ පණිවිඩයක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසීය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම මෙතැන් සිට ආරම්භ කරන බවද අධිපතිවරයා පැවසූ අතර, කල් දැමීම, වගකීම භාර නොගැනීම තවදුරටත් මේ රටට නොගැළපෙන බවත් පැවසීය.මහ බැංකු අධිපතිවරයා ලෙස වගකීම භාරගනු ලැබුවේ පීඩාවට පත් මිනිසුන් වෙනුවෙන් බවත් කිසිදු දේශපාලන පක්ෂයක් නිසා නොවන බවත්, ආර්ථිකය වර්ධනය කිරීමට ප්‍රථම කඩා වැටීම නතර කිරීම කළ යුතු බවත් පැවසූ අතර කඩිනමින් ආර්ථික ස්ථාවරත්වයකට පැමිණීමට නම් දේශපාලන හා සමාජ ස්ථාවරත්වය පැවතිය යුතු බවත් සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට මේ වන විට මහබැංකු අධිපතිවරයා ඇතුළු පිරිස ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත. පවතින උද්ධමනය හෙට අඩුවේවි යැයි අපේක්ෂා කළ යුතු නොවන බවත්, ඊළඟ මාස තුනේ උද්ධමනයද මේ වන විටත් තීරණය වී ඇති බවත් අධිපතිවරයා පැවසූ අතර, ඉදිරි මාසය හෝ දෙකේ උද්ධමනය 25% ඉක්මවිය හැකියි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් නොමැත.

ගැසට් පත්‍රයක් නිකුත් කිරීම හෝ නීතිරීති මගින් විදේශ විනිමය ළඟාකර ගත නොහැකිය. හැකිතරම් බැංකු ක්‍රමය තුළින් රට තුළට මුදල් එවන ලෙසත් විදේශගත ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනතාව දේශපාලකයන්ටයි බලපෑම් කළ යුත්තේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට උදව් කරන ලෙසටය.

– තිරුවණී විජේසිංහ – Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...