වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම්!

Date:

කොළඹ LNW:පසුගිය මහමැතිවරණයේදී සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් තරග කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබේ.

ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් කරන ලද විමර්ශනයක දී හෙළි වීමෙන් පසුවයි එලෙස වැඩ තහනමකට ලක් කර ඇත්තේ.

මීට පෙර දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ කළ ප්‍රකාශයක් හේතුවෙන් 2022 වසරේදීද ඔහු වැඩ තහනමට ලක්විය.

මේ අතර පසුගිය සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල ඖෂධ වංචාව ඇතුළු සෞඛ්‍ය සේවයේ බරපතළ වංචා දූෂණ ගණනාවක්ම වෛද්‍ය චමල් සංජීව මහතා විසින් අනාවරණය කර තිබේ.

එම සමාජ ක්‍රියාකාරීත්වයත් සමඟ ඔහු සමඟි ජන බලවේගයෙන් ක්‍රියාකාරී දේශපාලනය එක් විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චේරන්ගේ තෝරාගත් කවි ”ළසෝ දියවෙන භූමිය” ලෙසින් සිංහලට! (PHOTOS)

කොළඹ LNW:''ළසෝ දියවෙන භූමිය'' පරිවර්තිත කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම අද...

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...

ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...