ස්මිත් 10000 පොකුරට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 30,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාව සමඟ පැවත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේදී ඔස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් සිය ටෙස්ට් දිවියේ ලකුණු 10000 සීමාවට පැමිණීමට සමත් වුණා.35 හැවිරිදි ස්මිත් මෙම ලකුණු සීමාවට ළඟා වූ ලොව 16 වන ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක් වෙනවා.


මෙම ලකුණු 10000 කරා යාමේදී ස්මිත් තරග 115 දී ඉණිම 205 ට මුහුණ දී තිබෙනවා.ඔහු සිය ලකුණු 10000 සීමාවට පිවිසෙමින් වාර්තා කළ ශතකය ටෙස්ට් දිවියේ 34 වන ශතකය වන අතර ඔහු නමින් අර්ධ ශතක 41 ද සටහන් වී තිබෙනවා.


තරග සියය ඉක්මවා ක්‍රිඩා කර තිබියදී ද,ඔහු දක්ෂ පිතිකරුවෙක් බව සනාත කරමින් ලකුණු 55 ට වඩා ඉහළ ලකුණු සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වී තිබීම විශේෂ කොට දැක්විය හැකියි.ඔහුගේ වැඩිම ලකුණු සහිත ඉණිම හැටියට සැළකෙන්නේ ලකුණු 239 ක් වන අතර ලකුණු 10000 ඉක්මවමින් තවමත් නොදැවී ක්‍රීඩා කරමින් සිටින ස්මිත් සිය 34 වන ශතකය අභිබවා මේ වන විට නොදැවී ලකුණු 104 ක් ලබා සිටින්නේ පන්දු 188 ට මුහුණ දෙමින්.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...