මන්ත්‍රී අර්ජුනාට පොලිටික්ස් එපා වෙලාද?

Date:

කොළඹ LNW: වැඩි කාලයක් තමන් දේශපාලනයේ රැදී සිටීමට අපේක්ෂාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත නිදහස් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අත්අඩංගුවට ගැනුණේ රියැදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා තර්ජනය කිරීමේ චෝදනා යටතේය..

ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් යාපනය ප්‍රදේශයේදී මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගන්නා ලදී.

කෙසේවෙතත් මන්ත්‍රීවරයා ඇප ලබා නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙතා දහස් දක්වමින් පැවසුවේ දේශපාලනය තමන අකමැතිම ක්ෂේත්‍රයක් වුවත් මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තු පැමිණි බවත් දේශපාලනයේ ඉන්නා කාලය තුළ කෙලින් සිටින බවත්ය.

”දේශපාලනයට එන්න ඕනි කියලා මම ඩිග්‍රිස් මොකුත් කරලා නෑ. මම දේශපාලනයට ඇත්තටම කැමති නෑ. අවුරුදු 38ක් මම කවදාවත් ඡන්දෙ දීලා නෑ.දැන් ඇත්තටම ආවේ මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා වැඩි දුරක් ඉන්නේ නෑ. දේශපාලනය මම කැමතිම නැති ක්ෂේත්‍රයක්. හැබැයි මම ඉන්න කාලේ කෙලින් ඉන්නවා.” යනුවෙන් ඔහු සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...