SSP කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමේ නියෝගය තාම පොලිස්පතිට ලැබී නෑ – මාධ්‍ය ප්‍රකාශක

රඹුක්කන ප්‍රදේශයේදී මහජන උද්ඝෝෂණයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලෙස ඊයේ (27) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය මේ දක්වා පොලිස්පතිවරයාට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

එම නියෝගය ලැබුණු පසුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඒ මහතා අද (28) පෙරවරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් වැළකීම සඳහා SSP කීර්තිරත්න ඊයේ දිනයේදීම නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත්ව තිබුණු අතර මේ ප්‍රමාදය හමුවේ සෙසු පොලිස් නිලධාරීනුත් ඒ ආකාරයෙන්ම සැඟවේදැයි යන සැකය ජනතාව තුළ මතුවෙමින් තිබේ.

RN

http://139.59.240.222/04/27/15079/
http://139.59.240.222/04/27/15062/