SSP කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමේ නියෝගය තාම පොලිස්පතිට ලැබී නෑ – මාධ්‍ය ප්‍රකාශක

රඹුක්කන ප්‍රදේශයේදී මහජන උද්ඝෝෂණයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලෙස ඊයේ (27) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය මේ දක්වා පොලිස්පතිවරයාට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

එම නියෝගය ලැබුණු පසුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඒ මහතා අද (28) පෙරවරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් වැළකීම සඳහා SSP කීර්තිරත්න ඊයේ දිනයේදීම නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත්ව තිබුණු අතර මේ ප්‍රමාදය හමුවේ සෙසු පොලිස් නිලධාරීනුත් ඒ ආකාරයෙන්ම සැඟවේදැයි යන සැකය ජනතාව තුළ මතුවෙමින් තිබේ.

RN

http://139.59.240.222/04/27/15079/
http://139.59.240.222/04/27/15062/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...