සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 08,(LNW)කොළඹ :
සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් පැවති “CBL – මන්චි” කුසලාන – පස්වන වෙළද සේවා ක්‍රිකට් “D” කාණ්ඩයේ 40 – ඕවර් ලීග් තරඟාවලියේ දී සිය මංගල වෙළද සේවා ක්‍රිකට් සූරතාවය දිනා ගන්නට උමේෂ්ක මොරිස්ගේ නායකත්වයෙන් යුත් HNB ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය. . පෙබරවාරි 02 වන ඉරිදා MCA පිටියේදී පැවති අවසන් මහා තරඟයේදී HNB ෆිනෑන්ස්, ඔවුන්ගේ මංගල MCA ක්‍රිකට් ශූරතාව දිනා ගත්තේ ටීජේ ලංකා කණ්ඩායම කඩුලු 03 කින් පරාජය කරමින්ය.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250208-WA0007-1024x682.jpg)
කාසියේ වාසිය දිනාගත් ටීජේ ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට තෝරා ගත් අතර, ඔවුන්ගේ ආරම්භක පිතිකරු ජනත් විජේසූරිය පන්දු 91 කදී ලකුණු 90 ක් රැස් කළේය. ඊට හයේ පහර 05 ක් සහ හතරේ පහර 09 ක් ඇතුළත් විය.
උනාත් පීරිස් (8-31-2), උමේෂ්ක මොරිස් (8-43-2), සුලේක රණසිංහ (8-29-2) සහ සිතුක ගුණවර්ධන (2.2 – 14-2) ලෙස HNB ෆිනෑන්ස් වෙනුවෙන් කඩුලු ලබා ගත්හ.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250208-WA0008-1024x682.jpg)
ඕවර් 40 කදී ලකුණු 180 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය HNB ෆිනෑන්ස් කණ්ඩායමට අසාර්ථක ආරම්භයක් ලැබුණු අතර, ඔවුන්ගේ පළමු කඩුලු 03 පිළිවෙලින් ලකුණු 09, 10 සහ 14 හිදී බිඳ වැටුණු නිසා ඕවර් 3.5 කදී ලකුණු 14 ක් පමණක් ලබා කඩුලු 3 ක් අහිමි කර ගෙන උන්නේය.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250208-WA0009-1024x682.jpg)
ඒ අවස්ථාවේදි මාධව නිමේෂ් පන්දු 45 කදී ලකුණු 41, (හයේ පහරක් සහ හතරේ පහර 05 ක් ඇතුළුව) සහ පැතුම් මෙන්ඩිස් පන්දු 45 කදී ලකුණු 31,( හයේ පහරක් සහ හතරේ පහර 03 ක් ඇතුළුව) HNB ෆිනෑන්ස් ඉනිම ශක්තිමත් කළේ පන්දු 80 කදී ලකුණු 71 ක වැදගත් සම්බන්ධතාවයක් පවත්වමිනි.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250208-WA0011-1024x682.jpg)
ටීජේ ලංකා කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කරමින් සසිරි අධිකාරි, මාධව නිමේෂ් සහ පැතුම් මෙන්ඩිස් HNB ෆිනෑන්ස් ලකුණු පූවරුව 85ක්ව සහ 92ක්ව තිබියදී දවා ගන්නට සමත් විය. ඒ HNB ෆිනෑන්ස් ලකුණු පූවරුව ඕවර 19.3කදී කඩුලු 05කට ලකුණු 92ක් ලෙස සටහන් කරමිනි.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250208-WA0009-1024x682.jpg)
නිපුන් ලක්ෂාන් (17) සහ සුලේකා රණසිංහ (27) අතර 06 වන කඩුල්ල සඳහා පන්දු 47කදී ලකුණු 45ක සබඳතාවක් ගොඩනැගූ HNB ෆිනෑන්ස් කණ්ඩායම නැවතත් තරගයට පිවිසියේය. එහෙත් නැවතත් කඩුලු 07කට ලකුණු 138ක් වෙමින්, තරගය නැවතත් ටීජේ ලංකා කණ්ඩායම දෙසට හැරුණි.
HNB ෆිනෑන්ස් කණ්ඩායමට ඕවර 12 කදී ලකුණු 42 ක් අවශ්‍ය වූ විට, නායිකා උමේෂ්කා මොරියාස් පන්දු 34 කදී නොදැවී 26, (හයේ පහරක් සහ හතරේ පහර 02 ක් ඇතුළුව) සහ කළණ තිලංක (පන්දු 21 කදී නොදැවී 18, හතරේ පහර 03 ක් ඇතුළුව) 8 වන කඩුල්ල සඳහා පන්දු 53 කදී නොබිඳුණු ලකුණු 45 ක සම්බන්ධතාවයක් පවත්වමින්, HNB ෆිනෑන්ස් කණ්ඩායමට අමතක නොවන කඩුලු 03 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මඟ පෑදුහ.
MCA විසින් තරඟ තීරක ලෙස පත් කරන ලද සුසිලෝ ද එස්. විජේරත්න, HNB ෆිනෑන්ස්, නායක උමේෂ්ක මොරිස් තරඟයේ වීරයා ලෙස තෝරා ගන්නා ලදී.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250208-WA0010-1024x682.jpg)
අර්ධ අවසන් පූර්ව වටය දක්වා දක්ෂතා මත පදනම් වූ අනෙකුත් විශේෂ සම්මාන තුන අතිරින් කඩුලු 16 ක් දවාගත් පවර්හැන්ඩ් ප්ලාන්ටේෂන්ස් හි වරුණ මයන්ත හොඳම පන්දු යවන්නා විය. කොළඹ ඩොක්යාර්ඩ් වෙනුවෙන් ඉනිම් 05 කදී ලකුණු 272 ක් ලබා ගත් ශානක කසුන් හොඳම පිතිකරු වූ අතර සෙන්ට්‍රල් ෆිනෑන්ස් වෙනුවෙන් ලකුණු 152 ක් සහ කඩුලු 16 ක් ලබා ගත් නිමේෂ් ප්‍රනාන්දු තරගාවලියේ වීරයා හැටියට ඇගයීම් ලැබීය.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250208-WA0012-1024x682.jpg)
සම්මාන ප්‍රදානය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ සිලෝන් බිස්කට් සමාගමේ මෝර්ඩන් වෙළඳ ප්‍රධානී රංග විජේසුයියා; සිලෝන් බිස්කට් සමාගමේ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු ජයශංක පෙරේරා; සහ MCA නිලධාරීන්, සභාපති මහේෂ් ද අල්විස්, ප්‍රධාන ලේකම් රොහාන් සෝමවංශ සහ ලේකම් තරඟාවලි කමිටුවේ කේ.ඩී.එස්. කනිෂ්ක යන මහත්වරුන් විසින් සිදු කරන ලදී.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250208-WA0014-1024x682.jpg)
ලකුණු සටහන
ටීජේ ලංකා – ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 179 (ජනෙත් විජේසූරිය 90, උනෙත් පීරිස් 2/31, උමේෂ්ක මොරිස් 2/43, සුලේකා රණසිංහ 2/29, සිතුක ගුණවර්ධන 2/14)
HNB Finance – ඕවර 36.5කදී කඩුලු 07කට 183 (මාධව නිමේෂ් 41, පැතුම් මෙන්ඩිස් 31, සුලේකා රණසිංහ 27, උමේෂ්ක මොරියස් නොදැවී 26, සචිත් වික්‍රමසිංහ 2/21, සසිරි අදිකාරි 2/28)
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/IMG-20250208-WA0013-1024x682.jpg)
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/LNW-Newsroom-ad-at-the-bottom-Sin-15-1024x137-1-3-1-1.webp)