ඇලස්කා ප්‍රාන්තයේ දී අතුරුදන් වූ මගී ගුවන්යානයේ සුන්බුන් සොයාගැනේ: සියලු දෙනාම මියගිහින්

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 08 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මුදාගැනීමේ කණ්ඩායම් විසින් ඇලස්කා ප්‍රාන්තයේ දී අතුරුදන් වූ මගී ගුවන්යානයේ සුන්බුන් මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (7) දින පුද්ගලයින් 10දෙනෙකු රැගත් මෙම මගී ගුවන්යානය ඇලස්කා ප්‍රාන්තයේ නෝම් නගරයට සැතපුම් 34ක් පමණ දුරින් වූ හිම සහිත කදුකර ප්‍රදේශයේ දී අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව යානයේ නියමුවා ඇතුළු එහි සිටි මගීන් සියලු දෙනාම මියගොස් ඇති බවට බලධාරීන් විසින් තහවුරු කර ගෙන ඇත. මේ වන විට, ඉන් තිදෙනෙකුගේ මළසිරුරු මුදාගැනීමේ කණ්ඩායම් විසින් සොයාගෙන තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ, බේරින්ග් එයාර් ගුවන්සමාගමට අයත් කුඩා වර්ගයේ මගී ගුවන්යානයක් වන යානය ඇලස්කා ප්‍රාන්තයේ උනලක්ලීට් සිට නෝම් නගරය දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන්ව තිබූ අතර, යානය සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි. විදෙස් වාර්තා කළේ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊට බාධා සිදුවූ බවයි. .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..

බලය අරන් ළඟ ළඟ මෙච්චර ගානකට අරියි කියලා හිතන්ට...