දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ ජය වසර 27කට පසු භාරතීය ජනතා පක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 08 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත මැතිවරණය වසර 27කට පසුව ජය ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ‍මෙවර හැකියාව ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භාරතීය ජනතා පක්ෂයට සමස්ත ආසන 70න් ආසන 47ක්   හිමිව ඇති අතර, වසර 10ක් පුරා එම ප්‍රාන්තයේ පාලනය හිමිව තිබූ ආම් ආද්මි පක්ෂයට හිමිව ඇත්තේ ආසන 23ක් පමණක් බව වාර්තා වෙයි.

ආසන 35ට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගන්නා පක්ෂයට එම ප්‍රාන්තයේ බලය හිමිවනු ඇති අතර, ඉන්දීය අගනුවරද ඇතුළත් දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජයගැනීම භාරතීය ජනතා පක්ෂයේ විශාල ජයග්‍රාහණයක් බවද විදෙස් මාධ්‍ය විචාරකයන් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

100% ඵලදායී පිළිකා එන්නතක් රුසියාවෙන්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 100% ඵලදායී පිළිකා...

වනයෙහි අලංකරණය වෙනස් මානයකින් දකින්නවුන් වෙනුවෙන් සම්මාන උළෙලක්!

සටහන – පුලී සැප්තැම්බර් 09, කොළඹ (LNW): දඩයම් කිරීම චීටාවන්ට...

ඇමරිකානු වැටලීමකදී රඳවා සිටින කම්කරුවන් ගෙන්වීමට දකුණු කොරියාවෙන් ගුවන් යානයක් ‍යැවීමට සැලසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සතියේ එක්සත්...

මානසික හා බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ගේ දෙමාපිය සහ භාරකරුවන්ගේ එකමුතුවක්!

කොළඹ LNW:අබාධ සහිත පුද්ගලයන් ගැන කතා කිරීමේදී මානසික සහ...