එජාපය කියන්නේ සර්පයෝ ඉන්න හුඹහක්. අතදාන්න නම් එපා – හිරුණිකා සජිත්ගෙන් ඉල්ලයි.

Date:

කොළඹ LNW:පසුගිය කාලය පුරා සජිත් ප්‍රේමදාස මහතාව පරාජය කිරීමට පිඹුරුපත් සැකසූ අය දැන් සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට තමන් එකඟ නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුණේ සජිත් ප්‍රේමදාසව පරාජය කිරීමේ අරමුණින් බව තමන් පාක්ෂිකයින්ට යළි මතක් කර දෙන බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියාසිටියේ.

සමඟියේ ජ්‍යෙෂ්ඨ පිරිස තමන්ගේ නයකයකයාගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවා මිස තවත් නායකයෙක් දිහා බලාගෙන ඊට තමන්ගේ පක්ෂය එකතු කිරීමට උත්සහ කරන්නේ කුමකටද යන්න පැහැදිලි නැති බව ඇය පෙන්වා දුන්නාය.

එක්සත් ජාතික පක්ෂය යනු විෂ කුරු සර්පයන් ලැග සිටින හුඹහක් බවත් එම හුඹහට අත පොවන්න නොයන්න යැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඇය පැවැසුවාය.

මේ අතර සමඟි ජන බලවේගයේ සිට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වූ අය සජිත් ප්‍රේමදාස මහතාට නිකියූ දෙයක් නොමැති තත්ත්වයක් යළි ඔවුන්ව විශ්වාස කිරීමද ප්‍රශ්න සහගත බව ද ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

සජබය යනු කලු පැල්ලම් නොගෑවුණු අවංක මිනිසුන්ගේ පක්ෂයක් බවත් අරගල සමයේ ගෙවල් ගිනි තැබීමට ලක් වූ දූෂිත දේශපාලනඥයන්ට කෝටි ගණනින් වන්දි අරගෙන දුන් රනිල් වැනි අයෙකු සමග එකතු වන්නේ කෙසේදැයි ඇය වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියාය.

‘ මම හැමවෙලාවෙම කියන්නේ අපේ පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න පුළුවන්. මේ පක්ෂයේ දක්ෂයෝ හොඳටම ඉන්නවා. ඉන්න අයගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන්ව ඉස්සරහට ගන්න ඕනේ. මන්ත්‍රී ධූර තුනක් තියාගෙන ජනතා විමුක්ති පෙරමුණ අද ජනාධිපති ධූරයත් ලබාගත්තා නම් මන්ත්‍රී ධූර හතළිහක් තියාගෙන ඇයි අපිට ඒක කරන්න බැරි වුණේ. අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්න කිසිසේත්ම අවශ්‍ය නැහැ. අපේ නායකතුමාගේ වැඩපිළිවෙල තව අලුත් වෙනවා. එතුමා කියල තියෙනවා හුස්ම සහ සක්වල වැඩසටහන නැවත ආරම්භ කරනවා කියල. එතකොට නැවත මිනිසුන්ට මතක වෙයි විපක්ෂයේ ඉදන් එතුමා කොච්චර වැඩ කළාද කියන එක.මම නම් සජිත් සජිත් ප්‍රේමදාස මහත්මයට කියන්නේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ විෂ සර්පයෝ ඉන්න හුඹහක්. ඕකට නම් අපහු අතදාන්න එපා. පරිස්සම් වෙන්න.” යනුවෙන් ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවදුරටත් අවධාරණය කළාය.

ඇය මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...

දුම්රිය සහ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලොක්කෝ දෙන්නෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කොළඹ LNW: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වූ...

East India Holdings උතුරේ ආර්ථිකය නගාසිටුවීමට අතහිත දෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : කලාපීය සංවර්ධනය සඳහා...

වෙනිසියුලාව සමඟ යුද්ධයක යාමට ඉඩ ඇති බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය වෙනිසියුලාව...