ජනපතිගේ වැය ශීර්ෂය කපා ඉවත් කරමු. අගවිනිසුරු වැඩබලන ජනපති කරමු – කථානායකට යෝජනාවක්

0
1131

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ සියල්ලම අවසන් රුපියල දක්වා කපා හැරිය යුතු බවත් එවිට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඉන් අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගවිනිසුරුවරයාව පත්කරගෙන මාස තුනක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කළයුතු බවයි ඒ මහතා යෝජනා කර ඇත්තේ.

යෝජනා 07ක් සහිතව කථානායකවරයා වෙත ඒ මහතා ලිපියක් යොමුකර ඇති අතර තමන් කිසිදු විශ්වාසභංග යෝජනාවකට හෝ අන්තර්වාර ආණ්ඩු යෝජනාවකට සහාය නොදෙන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙහි සිටිනතුරු රජයේ කිසිදු කටයුත්තකට සහාය නොදෙන බවත් අවධාරණය කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here