” මම දකින විදියට මේක IMF අයවැයක් නොව , රටට හොඳ අයවැයක්” – මහ බැංකු අධිපති

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ (LNW):

ඊයේ (17) දින ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ රටට සුබදායී අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඇතැමුන් IMF අයවැයක් ලෙස හැදින්වූවත් එය එසේ නොවන බවද පවසයි.

කොළඹදී අද (18) පැවති පශ්චාත් අයවැය සාකච්ඡාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

“ඉලක්ක දෙස බැලුවාම මේ වතාවේ ඒ පිළිබඳ වැඩි විශ්වාසනීයත්වයක් තැබිය හැකියි. රුපියල් ට්‍රිලියන 5ක ආදායම් ඉලක්කයක් සහ 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් අපේක්ෂා කළත්, මගේ අපේක්ෂාවන් අනුව එය ප්‍රමාණය ඉක්මවා ගිය ක්‍රියාකාරීත්වයක්. ඒ වගේම රජයේ සුරැකුම්පත් සඳහා වූ කෙටිකාලීනව පැන නගින පීඩනයන් අවශෝෂනය කරගැනීම සඳහා ආරක්ෂණ යෙදීමද වැදගත්. එමගින් අපේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව ස්ථාවර පොලී අනුපාත පවත්වාගෙන යාමට හැකියාවක් ලැබේවි. ඇතැමුන් කියන විදියට IMF අයවැයක් ගැන කතා කළොත්, වසර ගණනක් තිස්සේ IMF සමග සාකච්ඡාවලට සහභාගී වූ අයෙකු විදියට මට කියන්න පුළුවන් මේ වතාවේ රටක් විදියට සමස්ත ආර්ථික ස්ථාවරත්වයක් උදෙසා නිවැරදි මාර්ගයේ ගමන් කිරීම සඳහා බාහිර පාර්ශ්වකරුවන්ට ලබාදී ඇති ප්‍රතිඥාවන් වෙනස් වී නොමැති බව. පරිපාලනයේ වෙනසක් සිදුවුවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල දිශානතිය වෙනස් නොවීම සතුටට කරුණක්. මගේ අදහස හැටියට එය අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් වගේම එය සුබවාදී ලකුණක් හැටියටයි මම දකින්නේ. මම දකින විදියට මේක IMF අයවැයක් නොව , රටට හොඳ අයවැයක්” ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?