ප්‍රශ්නය ජාතික ආරක්ෂාවද? පරණ කතන්දරත් මතක් කරමින් මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

Date:

කොළඹ LNW:අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ඊයේ (19) දින සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් සිදුව නැති අතර එවැනි සිදුවීම් තැන තැන සිදුවෙන පාතාල ක්‍රියාකාරකම් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ, රටේත් මහජනතාවගේත් ආරක්ෂාව සම්බන්ධයෙන් අද දින විපක්ෂ නයක් සජිත් ප්‍රේමදාස මහතා කළ විමසීමට පිළිතුරු දෙමිනි.

මේ වන විට ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවට කියන ඇතැමුන්ගේ පාලන සමයන් තුළ මාධ්‍ය ආයතන ගිනි තැබීම්, මාධ්‍යවේදීන් මහමඟ මියයාම් මෙන්ම ඇතැම් ඝාතනයන් වසර 10ක් 15ක් ගතවෙලත් ඒ ගැන අනාවරණය කරගැනීමට හැකියාවක් නොතිබුණ නමුත් ඊයේ සිදුවූ සිදුවීම සැළවූ වහාම විමර්ශන ආරම්භ කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

පසුගිය සති දෙකක වැනි කාලයක් තුළ සිදු වූ ඝාතන සිද්ධි කිහිපයකටම ඊයේ වෙඩි තැබීම සිදුකළ තැනැත්තා සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් එම සියලු කාරණා සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකරන බව විජේපාල මහතා පැවසුවේය.

ඒ අනුව තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට බාධාවක් ලෙස සැලකීමට අවශ්‍ය නැති බව හෙතෙම අවධාරණය කරන ලදී.

රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බවට රජය ලෙස විශ්වාසයෙන් සහතිකයක් දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...