ප්‍රශ්නය ජාතික ආරක්ෂාවද? පරණ කතන්දරත් මතක් කරමින් මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

Date:

කොළඹ LNW:අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ඊයේ (19) දින සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් සිදුව නැති අතර එවැනි සිදුවීම් තැන තැන සිදුවෙන පාතාල ක්‍රියාකාරකම් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ, රටේත් මහජනතාවගේත් ආරක්ෂාව සම්බන්ධයෙන් අද දින විපක්ෂ නයක් සජිත් ප්‍රේමදාස මහතා කළ විමසීමට පිළිතුරු දෙමිනි.

මේ වන විට ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවට කියන ඇතැමුන්ගේ පාලන සමයන් තුළ මාධ්‍ය ආයතන ගිනි තැබීම්, මාධ්‍යවේදීන් මහමඟ මියයාම් මෙන්ම ඇතැම් ඝාතනයන් වසර 10ක් 15ක් ගතවෙලත් ඒ ගැන අනාවරණය කරගැනීමට හැකියාවක් නොතිබුණ නමුත් ඊයේ සිදුවූ සිදුවීම සැළවූ වහාම විමර්ශන ආරම්භ කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

පසුගිය සති දෙකක වැනි කාලයක් තුළ සිදු වූ ඝාතන සිද්ධි කිහිපයකටම ඊයේ වෙඩි තැබීම සිදුකළ තැනැත්තා සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් එම සියලු කාරණා සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකරන බව විජේපාල මහතා පැවසුවේය.

ඒ අනුව තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට බාධාවක් ලෙස සැලකීමට අවශ්‍ය නැති බව හෙතෙම අවධාරණය කරන ලදී.

රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බවට රජය ලෙස විශ්වාසයෙන් සහතිකයක් දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...