ගනේමුල්ලේ සංජීව ඝාතනය : පොලිස් නිලධාරියෙකුත් අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගනේමුල්ලේ සංජීව නම් පාතාල නායකයාව අලුත්කඩේ අධිකරණ මැදිරියක් තුළ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ උසාවි රාජකාරි කරන නිලධාරියෙකු බව සඳහන්. ඔහු පාදෙනිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකි.

මෙම ඝාතනයට අදාළව දැනට සැඟවී සිටින සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැති කාන්තාව සමග මෙම පොලිස් නිලධාරියා දුරකථන සංවාදයක නියැළී ඇති බව විමර්ශන නිලධාරීන් විසින් මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

සැකකාර පොලිස් නිලධාරියා ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ගොස් ඇති බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...