දෙවන අර්ධයන්වල විකුම් පෑ සීඑච් සහ යුද හමුදා කණ්ඩායම්වලට ජය

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 22,(LNW)කොළඹ :

Master card රක්බි සූරතාවලියේ සී එච් ඇන්ඩ් එෆ් සී සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජ අතර පැවති තරඟයේදීත්,නාවික හමුදා කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතර පැවති තරගයේදීත් තරඟයේදී දෙවන අර්ධයේදී සිය ප්‍රතිවාදින්ට එරෙහිව නොසිතූ අන්දමේ දක්ෂතා පෙන්වූ සී එච් කණ්ඩායම් සහ යුද හමුදා කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් විය.


සී එච් සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජ අතර තරඟයේදී තරඟයේ පළමු අර්ධය ගෙවෙන විට,ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ලකුණු 17 – 14 ක් ලෙස ඉදිරියෙන් සිටියද,තරගයේ දෙවන අර්ධය නොසිතූ විරූ ලෙස සම්පූර්ණයෙන් සිය ග්‍රහණයට නතු කරගත් සී එච් ක්‍රීඩකයෝ ලකුණු 47 -20 ක් ලෙස තරඟයේ ජය තමන් සතු කරගත්හ.


නාවික හමුදාව සහ යුද හමුදාව අතර පැවති තරගයේදීත් පළමු අර්ධය නිමා වූයේ,දෙපිලම ලකුණු 10 බැගින් ලබාතිබියදීය.එහෙත් දෙවන අර්ධය සිය අණසකට යටත් කරගත් යුද හමුදා ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගනිමින් ලකුණු 49 – 22 ලෙස තරගය නිමා කළේය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් පිරි ඉතාලිය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): "ලෝකයේ වෙනත් ඕනෑම...

Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...