පොළොන්නරුවේ එක මෝලක් තමයි තාමත් මාෆියාවේ ඉන්නේ. ඒ ගැන ගන්න ඕනේ තීරණය අපි ගන්නවා!

Date:

කොළඹ LNW:පොළොන්නරුවේ එක මහ මෝලක් රජයේ පාලන මිල පසෙකලා අත්තනෝමතිකව කටයුතු කරමින් සිටින අතර එම සහල් මෝලට අදාළව විශේෂ තීරණයක් ගන්නා බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

රජයේ බැංකු හරහා ලබාදෙන ණය පහසුකමද ලබාගනිමින් පාලන මිලට වැඩ වැඩි මිලකට සහල් වෙළෙඳපොලට නිකුත් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින නමුත් කිසිලෙසකින්වත් පාලන මිල අභිබවා යාමට ඉඩක් නොදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”ඊයේ දවසේ පාරිභෝගික අධිකාරිය මෝල් වල සහල් නිෂ්පාදනය, සහල් නිකුත් කිරීම කියන කාරණය අපි චෙක් කරලා තියෙන්නේ. ඒවා පරික්ෂාවට ලක්කරනවා. පොළොන්නරුවේ එක මෝලක් අත්තනොමතික ලෙස මේ කටයුත්ත සිදුකරමින් තිබෙනවා. මොලේදී 215 කියල කිව්වට කඩේට කියනවා මේකට 230යි කියල දාන්න කියල. රුපියල් 15 අතින් දෙන්න ඕනේ. කීරි සම්බා රු.255 තියන එක 275ට දෙන්න තමයි ඒ මෝල කටයුතු කරමින් ඉන්නේ. පහුගිය කාලේ බිලියන 15ක් රජයේ බැංකු වලින් ණය අරන් තියෙනවා මේ මෝල. ආණ්ඩුවෙන් ණය දෙන පහසුකම පාවිච්චි කරලා ගන්න වී අද දවසෙත් පාරිභෝගිකයාට මේ විදිහට අත්තනෝමතික විදිහට පාලනය කරනවා. මෝල් 15ක් අපි අධීක්ෂණය කරනවා ගරු කථානායකතුමනි. ඔය කියන මෝල ඇරෙන්න අනිත් හැම මෝලක්ම පාලන මිලට සහල් දෙනවා. ඊයේ දවසෙත් අපි මේක චෙක් කළා. ඒ නිසා මේ මෝලට අදාළව පරීක්ෂණ අපි ආරම්භ කරලා තියෙනවා. වැටලීම් කරනවා. සහල විකුණපු කඩ 38ක් අපි වැටලීම් කරලා අත්අඩංගුවට අරන් තියෙනවා සහල්. ඉදිරියේදී රජයේ ණයත් ලබාගෙන මේ විදිහට වැඩකරන මොළ පිළිබඳවත් විශේෂ තිරයක්ක් ගන්න අපි කටයුතු කරනවා. වෙළෙඳපොල සහල මිල පාලන මිලට උඩින් යන්න දෙන්නේ නැති වෙන්න අපි මැදිහත්වෙනවා.” යනුවෙන් සමරසිංහ මහතා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...