රෂිකා හෙන්නායක පෙබරවාරි 28, කොළඹ (LNW):
අද පස්වරුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණි බව වාර්තා වේ. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැය ශීර්ෂ සඳහා බව සඳහන් වේ. 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 02 වන දිනය අද වේ.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන වාර්තාව අද (28) දින එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් ,එයින් සුබදායි ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් , ආර්ථිකය ඉතාමත් ශක්තිමත් ස්ථාවරයකට රට ගමන් කරමින් ඇති බවත්ය.
“සමහරු කිවුවා වාහන ආනයනයෙන් පස්සේ ඩොලරයේ අගය ඉහළ යාවී කියලා එත් වෙලා තියෙන්නේ තිබුණටත් වඩා ඩොලරයේ අගය අඩුවෙලා තියෙන එක. තමුන්නාස්සේලා කල්පනා කරනවා නම් ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැගන්න. ඒක අවසන් දැන්. මතක තියා ගන්න. ආණ්ඩු පෙරළුනේ විවිධ හේතු මත බව අතීතයේ සිදුව තිබෙනවා. ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආණ්ඩුව වට්ටනවා කියන දේ සිහිනයක් පමණයි. ඒවා වෙන්නේ නෑ. ඒ වගේම ඔබලා හිතනවානම් අභ්‍යන්තර අර්බුද හරහා මේ ආණ්ඩුව වට්ටන්න පුළුවන් කියලා එහෙම එකක් කවදාවත් වෙන්නේ නැහැ .එමෙන්ම සමහරු කල්පනා කරනවා ජාතික ආරක්ෂාවට මහා බරපතල තර්ජනයක් වෙලා මේ ආණ්ඩුව බිඳ වැටේවි කියලා ඒවා වෙන්නේ නෑ” ලෙසද කියා සිටියේය.
