ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට – ප්‍රධාන සැකකාරිය සොයා තවදුරටත් මෙහෙයුම්!

Date:

කොළඹ LNW:සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව අධිකරණ පරිශ්‍රය තුළ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව එම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අපරාධය මෙහෙයවීමට භාවිත කරන ලද සිම්පත් ලබාදී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම යටතේ සැකපිට 28 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු 31 හැවිරිදි පුද්ගලයෙකි.

මේ වන විට උක්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 12ක් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව සොයා ගැනීමට තවමත පොලීසියට හැකි වී නැත.

එම කාන්තාව සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 11ක් දිවයින පුරා යොදවා ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසා තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...