ගැටලුව ඇත්තේ ප්‍රශ්නය ඉදිරිපත් කළ ආකාරයේ මිස අන්තර්ගතයේ නොවේ ….

දයාසිරි කියන දේශපාලන චරිතයේ සහ ඔහු ප්‍රශ්න ඉදිරිපත්කරන ආකාරයේ යම් යම් ගැටලු ඇතිබව සැබැවි. නමුත් ඔහු මතුකල ප්‍රස්තුතය සම්බන්දව යම් ගැටලුවක් ඇතිබවක් පෙනේ..

රටක ජීවත්වෙන ශිෂ්ඨ සමාජයක් විසින් එරටේ වෙසෙන ආබාධ සහිත මිනිසුන් රැකබලා ගතයුතුය.එය වෙනම මානුෂික තලයක පවතින දෙයකි.. නමුත් ඔවුන් රටේ ආර්ථික දේශපාලන තලයේ ඉහලම තීන්දු තීරණ ගන්නා තැනට රැගෙන යාම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඕවර් ඇක්ටින් සන්දර්ශන වාදයකට වැටීමකි..

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුල රටේ ආර්ථිකය ඔසවාගෙන සිටින වෘත්තිකයන්ගේ, ව්‍යවසායකයන්ගේ, ගොවීන්ගේ මෙන්ම කාන්තා සහ වෙනත් වැදගත් සංකෘතික ජන,කන්ඩායම්වල දියුණු නියෝජනයක් අඩංගු විය යුතුය..

මෙහිදී ආබාධිත නමුත් දුලබ විශේෂ ගනයේ දියුණු චරිතයක් මිස ආබාධිතකමම මහජන නියෝජිතයෙක් වීමට සුදුසුකමක් ලෙස ගැනීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඕවර් ඩෝස් සන්දර්ශනවාදයකට වැටීමකි..

මේ තියරියට අනුව ශ්‍රවණ ආබාධිත මහජන නියෝජිතයෙක්, අතපය අහිමි ජනයාගේ මහජන නියෝජිතයෙක්, ආදීවාසී මහජන නියෝජිතයෙක්, කෙලවර මන්ද මානසික මහජන නියෝජිතයෙක්ද පාර්ලිමේන්තුවට අවශ්‍යයැයි කෙනෙකුට තර්ක කළ හැකිය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...