බ්‍රිතාන්‍ය අගමැති කඩිමුඩියේ වොෂින්ටන් වන්දනාවක…..?

Date:

අශෝක ජයතුංග

මාර්තු 07 වොෂින්ටන් LNW :

🍎 චාල්ස් රජුගෙන් ට්‍රම්ප්ට ලැබුණු ලිපිය……?

🍎යුද්ධ වලට වඩා ට්‍රම්ප් වෙළෙද කටයුතු වලට මුල් තැන දීම…..?

🍎නේටෝවේ හා සෙලෙන්ස්කි ප්‍රමුඛ යුක්රේනයේ ඉරණම…..?

ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් විසින් වොෂින්ටන් ධවල මන්දිරයෙන් පන්නා දැමූ යුක්රේන ජනපති සෙලෙන්කි ගෙදර නොයවා බ්‍රිතාන්‍යයෙන් බස්සවා ගෙන ඔහුට මානසික ශක්තිය හා ඩො බිලියන 02 ක යුද ආධාර සැපයීමට මූලික වුයේ බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටමර් ය.

යුක්රේන ජනපති එදාම චාල්ස් රජු ද මුණ ගැසින. පසුදා යුරෝපා සංගමය හා ඔවුන් සමග සිටින ලොව ප්‍රබලම් රටවල් 15 කට වැඩි රාජ්‍ය නායකයන්ද යුක්රේන ජනපති හමුවී සිය සහාය පළ කළෝය. තුන්වන ලෝක යුද්ධය ඇවිලීමට යුක්රේන ගැටලුව හේතු වන නිසා  පරිස්සමෙන් හා සාමය වෙනුවෙන් ක්‍රියාකල යුතු බව ඇමෙරිකානු මතය වුවද යුරෝපා සංගමය හා නේටෝවේ ස්ථාවරය වුයේ රුසියාවට කඩේ යන ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් බියගුල්ලෙකු හා යුරෝපය එවැනි අයෙකු ගෝලීය නායකයා ලෙස පිළි නොගන්නා බවය. අනාගත ජර්මන් චාන්සලර් පෙඩ්රික් මර්ස් ගෝලීය නායකයා ලෙස පිළිගැනීම ගැනද ඉගි පළවී තිබිණ.

බ්‍රිතාන්‍ය අගමැති  ස්ටමර් වහාම වොෂින්ටන් DC ගියේ එම දැවැන්ත මෙහෙයුමෙන් පසුවය. ඇමෙරිකාව වසර 81 ක් පුරා නේටෝවට නායකත්වය හා වැඩපුර මුදල් දැමීමත් ඇමෙරිකාව මින්පසු එවැනි ගොන්කම් නොකරන බව ට්‍රම්ප් ඇගවීචමත් නිසා සියල්ල බැලන්ස් කරගැනීම අගමැති ස්ටමර්ගේ වොෂින්ටන් වන්දනාවේ යටි අරමුණ වූ බවට සැක නැත.

විශාල කාල පරාසයක් පුරා විහිදී ගිය එම දෙපළගේ කතා පුරා වලි හා ප්‍රතිවිරෝධතා වලට වඩා සුහදත්වය තිබිණ. අනතුරුව මාධ්‍ය ඇමතූ ට්‍රම්ප් කීවේ දෙරට අතර වෙළෙද කටයුතු වඩා ශක්තිමත් කරන නව ගිවිසුමක් ඇති කරත බවය. ඇමෙරිකාව විසින් බ්‍රිතාන්‍යට මෑතක පැනවූ 10% – 25% බදුසීමා ද අවලංගු කරන බවය.

අනතුරුව මාධ්‍ය ඇමතූ ස්මාමර් කීවේ  වෙළෙද ගවසුම් ගැන නොව යුක්රේන යුද්ධය හා නෙටො අනාගතය  ගැනය. “ට්‍රම්ප් අමාරු සාකච්ඡාකරුවෙක්. ඒත් මම සියල්ල බැලන්ස් කරගන්න  උත්සාහ කළා. සෙලෙන්කි ගැන සුහද හා අසීරු සාකච්චාවක් පැවති බවත් රුසියාව හා යුක්රේන යුද්ධය ගැන ට්‍රම්ප් සාධනීය ස්ථාවරයකට ද පැමිණි බවය. චාල්ස් රජුගේ විශේෂ පණිවිඩයක් ද තමා ජනපති ට්‍රම්ප්ට බාරදුන් බව ද ස්ටමර් එළි කළේය.

කෙසේ වෙතත් ට්‍රම්ප් ගේ දැඩි ප්‍රතිපත්ති කිසි ලෙසකින් විශාල පරිවර්ථනයකට බදුන් නොවනු ඇති බව පැහැදිලිය. නේටෝ සංවිධානයට යුරෝපා රටවල මුල්‍ය දායකත්වය වැඩිකල යුතු බවත් යුක්රේනයට යුද උල්පන්දම් දී තෙවන ලෝක යුද්ධයට පාර කැපීමට හා ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් යුද වලට බිළිදී විනාශ කිරීමට ඇමෙරිකාව සුදානම් නැති බවට වන ට්‍රම්ප් ආණ්ඩුවේ ස්ථාවරය වඩාත් ශක්තිමත් කිරීම විනා එය ලිහිල් කිරීමට ඇති සම්භාවිතාව අඩු බවත් බොහෝ දෙනාගේ මතය වේ. ඇමෙරිකාව හා රුසියානු බල කදවුරු දෙක සැබෑවටම යා වුණා ද නැතහොත් වෙනකක් ද යන්නත් නව ප්‍රවණතාව ඉදිරියටම ගියහොත් ලෝක දේශපාලනයේ බල තුළනය කවර හැඩයක් ගනී ද යන්න දැන් කාගේත් කුතුහලයට බදුන් වන පසුබිමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...