ඊශ්‍රායල් දැවැන්ත ගුවන් ප්‍රහාර හේතුවෙන් දින දෙකක් තුළ ගාසා තිරයේ මියගිය සංඛ්‍යාව 400 ඉක්මවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනවාරි මාසයේ ආරම්භ කළ සටන් විරාමයකින් පසු සති ගණනක් පැවති සාපේක්ෂ සන්සුන් භාවය අවසන් කරමින්, ඊශ්‍රායලය ඊයේ(18)අලුයම සිට නැවත වරක් ගාසා තිරයට බෝම්බ හෙලීම ආරම්භ කිරීමෙන් අනතුරුව දරුවන් 183 දෙනෙකු ඇතුළුව පලස්තීනුවන් 436 දෙනෙකු මියගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඊශ්‍රායලය විසින් පදිංචිකරුවන්ට සටන් කලාපවලින් ඉවත් වන ලෙස නව නියෝග නිකුත් කර ඇති අතර මෙම නව බෝම්බ හෙලීම සම්බන්ධයෙන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ මෙය ආරම්භයක් පමණක් වන බවත්, මාස දෙකකටත් අඩු කාලයක් පැවති බිඳ වැටුණු ගාසා සටන් විරාමය සඳහා වූ සියලු සාකච්ඡා ගිනිඅවි යටතේ සිදුවනු ඇති බවත්ය.

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයේ ආක්‍රමණයෙන් අවම වශයෙන් පුද්ගලයින් 1,139 දෙනෙකු මරා දමා 200කට අධික පිරිසක් වහල් භාවයට ගැනීමෙන් අනතුරුව ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයෙන් අවම වශයෙන් 61,700 ක් 112,719 දෙනෙකු තුවාල ලබා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හංවැල්ලේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 13)...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...