පුනරුද පොලීසියත් සුපුරුදු පාරේ – සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවේ නියුතු උපාධිධාරීන් මහ රෑ අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ පිරිසක් පොලීසිය විසින් අද (28) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය අද අලුයම 02.00 – 02.30 අතර වේලාවකදී එම ස්ථානයට කඩා පැන මෙසේ විරෝධතාකරුවන්ව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ පිළිබඳව මරදාන පොලීසියෙන් කළ විමසීමකදී එහි ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ නියෝගයකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකළ බවකි.

කෙසේවෙතත් අධිකරණ නියෝගය පොලීසියට ලැබුණේ මහ රෑද, එසේත් නොමැති නම් මේ විරෝධතාකරුවන්ව මහ රෑ අත් අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කළේ කවුරුන්ද යන ප්‍රශ්න මෙහිදී මතුවේ.

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් බිහිවන සියලුම සම සෞඛ්‍ය උපාධිධාරීන් වහාම රජයේ සේවයට බඳවා ගන්නා ලෙසත් වහාම සීමාවාසික පුහුණුව ලබාදෙන ලෙසත් රජය සේවයට බඳවා ගැනීම වෙනුවෙන් හඳුන්වා දී තිබෙන විභාග ක්‍රමවේදය වහාම අහෝසි කරන ලෙසත් ඉල්ලමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ පිරිසක් ඊයේ (27) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පා ගමනින් පැමිණ අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වූ අතර ඔවුන් ඊයේ රාත්‍රියේ සිට එම ස්ථානයේ සත්‍යග්‍රහයක් ආරම්භ කරමින් රැඳී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...