ප්‍රතිපත්ති ප්‍රකාශයේ හැමදේම මේ අයවැයෙන් කරන්න බෑ. ගිය පාර ඡන්දය නොදුන් අයත් මේ පාර අපට දෙනවා – ඇමති චතුරංග

Date:

විපක්ෂයේ බියවැද්දීම් නිසා පසුගිය මැතිවරණ දෙකේදී ජාතික ජන බලවේගයට ඡන්දය නොදුන් ජනතාවත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාජබට ඡන්දය ලබාදෙන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

“මේ බොරු කිව්වා කියන එකේ කිසිම පදනමක් නැහැ. විශේෂයෙන්ම අපි ප්‍රතිපත්ති ප්‍රකාශයක් දීලා බලයට පත්වෙච්ච රජයක්. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තාම අපි මේ වෙනකොට විතැන් වෙලා නැහැ. අපි දන්නවා වෙනත් රජයන් දින 100, අර පොරොන්දු මේ පොරොන්දු දීලා ඒවා ඉටු කරගන්න වැඩපිළිවෙලක් නැතිව ඇවිල්ලා අද වර්තමානයේ ජනතාවට හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශයක් සෑම ක්ෂේත්‍රයකම තියෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමාන්තර අයවැයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ අයවැයෙන් අර ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන හැමදේම කරන්න බැහැ කියන එක අපි ජනතාවට පැහැදිලි කරලා තියෙනවා. බිම්මට්ටමේ යාන්ත්‍රණය දිනෙන් දින ශක්තිමත් වෙමින් විශේෂයෙන්ම අපි ආවාම රට වැටෙයි, අපි ආවාම ආර්ථිකය අහේනියට පත්වෙයි, අපි ආවාම පෝලිම් හැදෙයි කියලා බය කරපු විපක්ෂය නිසා අපට ඡන්දය නොදීපු ජනතාවත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී අපට ඡන්දය දෙනවා”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) මල්වතු මහානායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

චතුරංග අබේසිංහ යනු ජාතික ජන බලවේගයේ මහලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ පුත්‍රයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...