කැනේඩියානු අගමැති නව තීරුබදු පනවන බවට ඇමරිකාවට තර්ජනය කරන විට ගනුදෙනු සඳහා තමා විවෘත බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අප්‍රේල් මස දෙවන දින සිට කැනේඩියානු භාණ්ඩ සඳහා ක්‍රියාත්මක වීමට නියමිත 25%ක ඇමරිකානු තීරුබදු ක්‍රියාත්මක වන්නේ නම් ඊට සාපේක්ෂව ඇමරිකානු භාණ්ඩ වෙනුවෙන්ද තීරුබදු පැනවීමට තමා සුදනම්බව කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි ප්‍රකශ කර තිබේ.

කැනේඩියානු අගමැතිවරයා ඊයේ(28)දිනයේදී ජනාධිපති ට්‍රම්ප් සමඟ පැවති පළමු දුරකථන සංවාදයකදී මේ බව ප්‍රකශ කර තිබු අතර ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, තමා ගනුදෙනු සඳහා විවෘත බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය බදාදා(26) ඇමරිකාවට ආනයනය කරන සියලුම මෝටර් රථ හා අමතර කොටස් සඳහා 25%ක තීරුබදු පැනවීමෙන් දින කිහිපයකට පසු මෙම ඇමතුම පැමිණියේ, ජාතීන් අතර දශක ගණනාවක් තිස්සේ පැවති නිදහස් වෙළඳාම අවසන් කරමිනි.

ඊයේ(28)දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් කාර්නිගේ කාර්යාලය පැවසුවේ ට්‍රම්ප්ගේ පොරොන්දු වූ ආනයන බදු වලට ප්‍රතිචාර වශයෙන් කැනඩාව ලබන සතියේ එක්සත් ජනපද භාණ්ඩ සඳහා පළිගැනීමේ තීරුබදු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවයි.

කෙසේ නමුත්, අප්‍රේල් 28 වන දින පැවැත්වීමට නියමිත කැනඩාවේ ෆෙඩරල් මැතිවරණයෙන් නතුරුව වහාම නව ආර්ථික හා ආරක්ෂක සම්බන්ධතාවයක් පිළිබඳ පුළුල් සාකච්ඡා ආරම්භ කිරීමට නායකයින් එකඟ වී ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධය හේතුවෙන් මේ වන විට ඇමරිකාව හා කැනඩාව අතර පෙර පැවති සම්බන්ධතා බිඳ වැටි ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...