*
Tuesday, May 13, 2025
spot_img

Latest Posts

හෙට බස් ධාවනයත් ඇණහිටී – පාසල් ප්‍රවාහන සේවාත් අත්හිටුවයි

හෙට දිනයේදී දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. ඒ, වත්මන් පාලනයට විරෝධය පළකිරීම සඳහායි.

මෙම හර්තාල් ව්‍යාපරයට සමගාමීව වැඩවර්ජනයක්ද ක්‍රියාත්මක වන අතර රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ලික අංශය නියෝජනය කරන වෘත්තීය සමිති දෙදහසකට වැඩි ප්‍රමාණයක් වර්ජනයට එක්වන බවයි වාර්තා වන්නේ.

මේ අතර හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කරමින් ධාවනයෙන් ඉවත්වීමට පෞද්ගලික බස් රථ සංගම් තීරණය කර තිබෙනවා.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිතිද වර්ජනයට එක්වන බැවින් පාසල් ළමුන් ප්‍රවාහන සේවාද ක්‍රියාත්මක නොවන බවයි වාර්තා වන්නේ.

දුම්රිය වෘත්තීය සමිතිද වර්ජනයට එක්වීමට සූදානමින් සිටින අතර වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගමන් වාර කිසිවක් ක්‍රියාත්මක නොවන බවයි. කෙසේ නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බවට කිසිදු වෘත්තීය සමිතියක් මේ දක්වා දැනුම් දී නොමැති බවයි. ඒ අනුව හෙට දිනයේදී දුම්රිය ගමන් වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව දෙපාර්තමේන්තුව පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan