මෝදිගේ ලංකා ගමන ගැන ඉන්දියාව උදම් අනන්නේ ඇයි..?

Date:

අශෝක ජයතුංග

අප්‍රේල් 08 වොෂින්ටන් LNW 

 

🍎රනිල් මහින්දලා ගෙන් කරගත නොහැකි වූ දේ මෙවර ඉන්දියාවට ලබුණා ද…..?

🍎මාළිමාව බලයට ගෙන ඒමට ඉන්දියාව මුල සිටම ක්‍රියා කිරීමේ යටි අරමුණ…..?

🍎ඉතිහාසයේ පළමු වරට ලංකාව ආරක්ෂක ගිවිසුමක පටලා ගැනීමේ මහා අනතුර……?

🍎 මෝදි සංචාරයේදී ලංකාවේ මාධ්‍ය ඉවත්කර තැබීමේ යටි අරමුණ……?

🍎ඉන්දිය විරෝධය වෙනුවෙක් බිළිදුන් තරුණයන් 67,000 ක වලෙන් නැගෙන සාපය…….?

🍎දරුණුම විවේචකයාට හා කයිවාරුවාට ලැබුණු ලොකුම දඬුවම බලය ලැබීම ද..?

🍎චීනය හා ද : ආසියානු රටවල් අතර ආරක්ෂක ගිවිසුම ලංකාවට තර්ජණයක්වීම

🍎මෝදි ලංකාවෙන් පිටව යාම අනුරපුරෙන් සිදු කළේ ඇයි…..

ඉන්දීය අගමැති මෝදි ලංකාවට ආවේ සිව්වන වරටය. පළමු වාර තුනේ දී ඉටුකරගත නොහැකිවූ දේ කරගන්නට යළිත් ආවාදැයි සැකයක් මෝදුවන කරුණු රැසක් ඉස්මතු වෙමින් තිබේ. ඉන්දියාව ලංකාව සමග මින් පෙර ද නොයෙක් එකගතා වලට පැමිණිය ද ඒවා සූක්ෂමව මගහැර යාමට ලංකාව ක්‍රියාකර තිබේ. ඉන් ලොකුම ගිවිසුම 1987 ඉන්දු ලංකා ගිවිසුමය. දැන් පළාත් සභා පවා නැත.

ඉන්දු ලංකා ගිවිසුමෙන් රට දෙකඩ වන බව හා ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වන බව කියා රට ගිණි තබා 67,000 ක් පරලොව යැව්වේ හා රට වසර 20 කින් රිවස් ගෙනියන දේපොළ  විනාශයක් කළේ ජවිපෙ ය. එහෙත් රට දෙකඩ නොවී ප්‍රාන්ත බිහිනොවුණා පමණක් නොව පළාත් සභා වලින් ද මෙරට හිටපු නායකයන් අද ලිස්සා හමාරය. මහින්දලා රනිල්ලා වැනි පරිනත අය සමග මේ ගේම ගහන්නට බැරි බව ඉන්දියාවට වැටහුනාදැයි දන්නේ නැත. අත්දැකීම් නැති රටක් තබා පෙට්ටි කඩයක් හෝ කර නැති ජවිපෙ හා මාළිමාව බලයට ගෙනාවොත් ඉන්දියාවේ කල්ල මරේ බව මෝදි වැනි සූක්ෂම නායකයෙකුට සිතුණාදැයි පැහැදිලි නැත.

ලංකාවේ විපක්ෂ නායක සිටියදී මන්ත්‍රීධුර 03 ක් තිබූ ජවිපෙ නායකයාට ඉන්දියාවට ආරාධනා කොට සෘජුව හා වක්‍රව ඔහු රටේ ඊලග නායකයා බව ලංකාවට හා ලොවට පෙන්වා මාළිමාවට බලය ලබා ගැනීමේ පාර ඉන්දියාව කැපුවේ කාටද ආදරෙන්දැයි  ගැඔුරින් තේරුම්ගත යුතුව තිබේ. වසර 75 ක ශාපය තුළ ලංකාව කිසිදු රටක් සමග ආරක්ෂක ගිවිසුම් ගසා නැත. බ්‍රිතාන්‍යය සමඟ වූ ගිවිසුම පවා 1956 දී අහෝසි කොට නොබැදි මාවතේම ගියේ රටේ ආරක්ෂාව වැදගත්ම සාධකයක් බව තේරුම්ගත් නිසාවෙනි. ඒ අතර ඉන්දියාවට  එකට එක කිරීමට චීනය සෙසු සියලු ද: ආසියානු රටවල් සමග ගහන ආරක්ෂක ගිවිසුම ලංකාවට මහා හිසරදයක්වීම ඒකාන්තය. ලංකාව මෙවර ඉන්දියාව සමග ගිවිසුම් 07 ක් ගැසූ බව කීවද එහි විස්තර ලංකාවේදී එළි නොදුටුවා පමණක් නොව මෙම සංචාරයේ දී ලංකාවේ මාධ්‍ය හිතාමතා ඉවත්කර තැබීමට ද ක්‍රියා කළේ ඇයි ද යන්න අපැහැදිලිය. ඉන්දියානු මාධ්‍ය මෝදිගේ ගමන මහ ඉහළින් වර්ණනා කරද්දී ලංකාව යමක් සගවන්නට උත්සාහ කළාදැයි සමහරු ප්‍රශ්න කරන්නේ ඒ තුළය. තවද රටකට එන ඔිනෑම අයෙක් ජාත්‍යන්තර ගුවන් තොටකින් පිටවිය යුතුව  තිබියදී බලෙන් ගැසට් ගස්සවාගෙන මෝදි අනුරපුරෙන් පිටව ගියේ “මයි කාර් මයි පෙට්රෝල්” යයි සිතාදැයි දන්නේ නැත.

2024:ජනපතිවරණය දක්වා තිබූ ජවිපෙ ඉන්දියානු විරෝධය මාස කිහිපයකින් උඩුයටිකුරුවී තිබේ. 88-89 දී ඉන්දියානු පරිප්පු විකිණු කඩකාරයාත් මැරූ  ජවිපෙ ඉන්දියානු ව්‍යාප්ත වාදයෙන් රට බේරා ගැනීමට එදා 67,000 ක ජීවිත හා රටේ දේපොළ ද වැනසුවේය. අද එම තරුණයන් වලේ සිට හෙණ ඉල්ලා සාප කරන බව එම පවුල් වල අය තේරුම් ගෙන තිබේනවා නිසැකය. ජවිපෙ ට අද විශාල දඩුවමක් ලැබී තිබේ. එනම් දරුණුම විවේචකයාට වැඩ පිළිවෙලක් නැති පුහු කයිවාරුකාරයාට බලය ලැබීම ලොව ලැබිය හැකි විශාලම දඩුවමය. ජවිපෙ හා මාළිමාව හිසමත දැන් හැම අතින්ම කඩාවැටී ඇත්තේ එම දඬුවම හා නිරපරාදේ බිල්ලට දුන් තරුණ ජීවිත වල සාපයදැයි පැහැදිලි නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...