එක්සත් ජනපදයේ ප්‍රහාර හේතුවෙන් යේමනයේ හය දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින් යේමනයේ ඛාබ් හි අල්-යත්මා හා උතුරු යේමනයේ අල්-ෂාෆ් දිස්ත්‍රික්කය ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් තවත් විශාල ප්‍රමාණයක් තුවල ලබා ඇති බව යේමනයේ හවුති අනුබද්ධ අල් මසිරා ප්‍රවෘත්ති අංශය වාර්තා කර තිබේ.

හවුති සන්නද්ධ කණ්ඩායම විසින් පසුගිය මාර්තු මස 15 වන දා එක්සත් ජනපදයට එරෙහිව මාරාන්තික ප්‍රහාරයක් දියත් කළ දා සිට එක්සත් ජනපදය යේමනයේ හවුති පාලනය යටතේ පවතින ප්‍රදේශවල දිනපතාම පාහේ මාරාන්තික ප්‍රහාර දියත් කරමින් සිටියි.

2023 ඔක්තෝම්බර් මාසයේදී ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු, හවුතිවරු රතු මුහුද සහ ඒඩන් බොක්ක මෙන්ම ඊශ්‍රායල භූමිය හරහා ගමන් කරන නැව් මෙම එක්සත් ජනපදයට අයත් නැවු ඉලක්ක කරගනිමින් විශාල හානියක් සිදුකල අතර එතැන් සිට ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, ඇමරිකානු වාණිජ හා නාවික යාත්‍රා ලෝකයේ ජල මාර්ගවල නිදහසේ යාත්‍රා කිරීම කිසිදු ත්‍රස්තවාදී බලවේගයකට නතර කළ නොහැකි බවත්, සහමුලින්ම ඉරාන පිටුබලය ලබන හවුතිවරු විනාශ කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු අය දැන් සමාජය භීතියට පත් කරලා!

කොළඹ LNW: රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන...