එක්සත් ජනපදයේ ප්‍රහාර හේතුවෙන් යේමනයේ හය දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින් යේමනයේ ඛාබ් හි අල්-යත්මා හා උතුරු යේමනයේ අල්-ෂාෆ් දිස්ත්‍රික්කය ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් තවත් විශාල ප්‍රමාණයක් තුවල ලබා ඇති බව යේමනයේ හවුති අනුබද්ධ අල් මසිරා ප්‍රවෘත්ති අංශය වාර්තා කර තිබේ.

හවුති සන්නද්ධ කණ්ඩායම විසින් පසුගිය මාර්තු මස 15 වන දා එක්සත් ජනපදයට එරෙහිව මාරාන්තික ප්‍රහාරයක් දියත් කළ දා සිට එක්සත් ජනපදය යේමනයේ හවුති පාලනය යටතේ පවතින ප්‍රදේශවල දිනපතාම පාහේ මාරාන්තික ප්‍රහාර දියත් කරමින් සිටියි.

2023 ඔක්තෝම්බර් මාසයේදී ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු, හවුතිවරු රතු මුහුද සහ ඒඩන් බොක්ක මෙන්ම ඊශ්‍රායල භූමිය හරහා ගමන් කරන නැව් මෙම එක්සත් ජනපදයට අයත් නැවු ඉලක්ක කරගනිමින් විශාල හානියක් සිදුකල අතර එතැන් සිට ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, ඇමරිකානු වාණිජ හා නාවික යාත්‍රා ලෝකයේ ජල මාර්ගවල නිදහසේ යාත්‍රා කිරීම කිසිදු ත්‍රස්තවාදී බලවේගයකට නතර කළ නොහැකි බවත්, සහමුලින්ම ඉරාන පිටුබලය ලබන හවුතිවරු විනාශ කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...