නිශ්මං රණසිංහ අප්‍රේල් 23 කොළඹ LNW:
ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයට තවත් නිලධාරිනියක් ඇතුළත් කර ගන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට එකඟ වන්නට සිඳුව ඇති බව වාර්තා වෙනවා.රගර් ක්‍රිඩාව වෙනුවෙන් දස අතේ දිව්රමින් ගනු ලබන තීරණවලට බෙල්ල තිබ්බද ක්‍රීඩා අමාත්‍යවරයා රගර් නොදන්නා සේ ම,එහි බලය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ බොහෝ විට හෙළිදරව් වන කරුණු අනුව හෘද සාක්ෂියට එකඟව නොවිය හැකිය.
එසේ සිතෙන්නේ පාර්ලිමේන්තුවේ පවුම් 50000 ගැන නාමල් රාජපක්ෂට සවුත්තුව දමා පැමිණියද, ඒ දේ කළ පරිපාලනයේ ප්‍රධාන විධායකයා තමන්ගේ ජාතික ක්‍රිඩා සභාවේ ප්‍රධානියා වීම ගැන ඇමතිවරයාගේ හෘද සාක්ෂිය රිඳුම් දෙනවා විය යුතුය.ඊට පසු දඩුවම් නොපමුණුව ලද දේශපාලනය නිසා ආසියාවේ ප්‍රබල චරිත වී සිටින එම පරිපාලනයේ සිටි නිලධාරීන්ට ඇහුං කං දෙන්නද වී ඇත.නාමල් රාජපක්ෂ මෙන්ම මලික් සමරවික්‍රමලාගේ රගර් සංස්කෘතියට ලංකාවේ රගර් භාරවන ආකාරයට ව්‍යවස්ථාවෙන්ම පැවරීමට උත්සාහ ගන්නට ද සිඳු වී ඇත.
දැන් තවත් නිලයකි.ගෑණු පරානයක් වන ඇය ආසියාවේ මුල් 16 දෙනා අතර සිටි අති විශිෂ්ඨ රගර් ක්‍රීඩකයෙකුගේ දියණියක වීම නිසා සෑහෙන රගර් අවස්ථාවන්ට පාර සකසා ගත්තියක වන්නීය.සරත් ෆොන්සේකා සමයේ ඔහුට උපකාර කිරීමේ චෝදනාව නිසා වෘත්තිමය වශයෙන් යම් යම් වාරන පැනවුණ ඉහළ හමුදා නිලධාරියෙකුගේ බිරිඳ ද වන ඇයගේ නම ඉහළම තැනකින් පැමිණීම පිටුපස මේ දිනවල සරත් ෆෝන්සේකා ආණ්ඩුවේ කුණු සේදීම සඳහා කිහිප වතාවකම ඉදිරිපත්වීම ද තිබිය හැකිය.
ඇය අමාත්‍යංශයට පැමිණ යද්දීම හොඳ වාහනයක් සූදානම් කරන්න කියා ගොස් තිබෙන බයස වාර්තා වන අතර මේ කාරණා පෙර පැවති ආණ්ඩුවල ක්‍රියාකාරකම්වලට වඩා වෙනස් නොවන නිසා බරපතල විවේචනයක් ද නැත.එහෙත් ඒවා නොකරන්න යැයි අප නොකීවද නොකරන බව කියා ආණ්ඩුව හරහා එවැනි දේ සිඳුවෙමින් ඇත.දැඩි විනයකට වඩා කීකරුභාවයකින් වැඩ කරන සාමාජිකත්වයක් සහිත සහ නායකත්වයට හීලෑ පිරිසකගේ නියෝජිතත්වයෙන් යුත් පිරිසක් ආණ්ඩුවේ නායකත්වයට පහතින් සිටින බැවින් කුමන දෙයක් ඉහළින් ආවද විරෝධය නොපා එයට අත උස්සා තමන්ගේ හෘද සාක්ෂිය රිදවා ගැනීම දිගින් දිගටම සිඳුවනු ඇත.
මේ ගැන වුව ද අමාත්‍යවරයා සිය කැමත්තෙන් දැන හැදුණුම්කම් මත මේ පත්වීම සිඳු කළහොත්, සිඳු කළ බව කියන්නට ඉඩ ඇත.එයටද අප ඉඩ වෙන් කර තබමින් වෘත්තියවේදියෙකු ලෙස අත්කර ගත් කීර්තිය සුණු විසුණු වන්නට දේශපාලන පොළවේ ගසන්නට සිඳුවීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි.
