රොහාන් ද සිල්වාගෙන් ඇල්බට් එෆ් පීරිස් ට ජාත්‍යන්තර එළියක්

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 24, කොළඹ LNW:

පුත්තලම් දිස්ත්‍රික්කයේ සශ්‍රීකම ක්‍රීඩා බිම හැටියට ගැනෙන්නේ වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩා සංකීරණයයි.එහි එළිමහන් මීටර් 400 ධාවන පථයක් සහිත වෙනත් ක්‍රීඩාවලට ද පහසුකම් ඇති ක්‍රීඩාපිටියක් ඇති අතර එවැනිම ගෘහස්ත ක්‍රීඩාංගනයක් ද තිබෙනවා.එහෙත් මේවා ප්‍රදේශයට ද, ඇතැම් විට රටට ද සම්පතක් වුව ද ජාත්‍යන්තර වශයෙන් දුප්පත් තැනකයි පවතින්නේ.


මෙවැනි තත්ත්වයක පුත්තලම් දිස්ත්‍රික් බැඩිමින්ටන් සංගමයේ ලේකම් ප්‍රසාද් රත්නායක පවසන්නේ මේ වන විට ඇල්බට් එෆ් පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගනයේ ආලෝක පද්ධතිය ඕනෑම ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගයක් පැවත්විය හැකි මට්ටමට ප්‍රමිතියෙන් යුතුව වෙනස් කර සකස් කර ඇති බවය.


“තරග පිටි හතරක්ම ජාත්‍යන්තර බැඩිමින්ටන් සම්මේලනය පිළිගනු ලබන, ජාත්‍යන්තර ප්‍රමිතියට සකස් කරලා තියෙනවා.පුහුණු පිටියත් ඉතා හොඳ මට්ටමේ තියෙනවා.සතුටට කාරණය මේ තත්ත්වය යටතේ වොලිබෝල් හෝ නෙට්බෝල් තරගත් පැවත්වීමට හැකි වීමයි.“
ප්‍රසාද් පෙන්වා දෙන්නේ මේ ක්‍රීඩාංගණය සැකසීම සදහා සුළු මුදලක් පුත්තලම බැඩිමින්ටන් සංගමය සොයා ගත් අනුග්‍රාහකයන්ගෙන් ලබා ගත්ත ද මෙහි වියදමෙන් සියයට 95 ට වැඩි කොටසක වියදම සිය පෞද්ගලික ධනයෙන් දැරීමට වත්මන් බැඩිම්න්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා ඉදිරිපත් වූ බවය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...

ලබන පාරත් සජිත් එනවා !

කොළඹ LNW: ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක...

වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: මේ වනවිට තෙත වී...