කාන්තා තුන් කොන් ගැටුමට ලංකාවෙන් අලුත් මුහුණු දෙකක් – ඉන්දීය සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් පැමිණෙයි.

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 24, කොළඹ LNW:


ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් ශ්‍රී ලංකාවේදී පැවත්වෙන තුන්කොන් තරගාවලිය සඳහා නම් කරන ලද 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පියුමි වත්සලා සහ දෙව්මි විහංගා කැඳවා ඇත.එම දෙදෙනා දෙශීය ක්‍රිකට් පිටියේ සිටින අති දක්ෂ ක්‍රීඩිකාන් වන අතර එහෙත් මේ දක්වා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර නැති ක්‍රීඩිකාවෝ වෙති.

පියුමි පිතිකාරිීණියක ලෙස දක්වන දක්ෂතා සළකා කණ්ඩායමට කැඳවා ඇති අතර දකුණතින් පිත්ත හසුරුවන ඇය 29 හැවිරිදිය. ගෙවුණු පළමු පෙළ තරගාවලියේදි ලකුණු අතර සිටි ක්‍රීඩිකාවකි.දෙව්මි විහංඟා ප්‍රහාරාත්මක පිතිකාරිණියක ලෙස මෙන්ම ඉහළ දක්ෂතා ඇති දඟ පන්දු යවන්නියකද වෙයි.අවුුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවක ලෙස ජාත්‍යන්තර මට්ටමේදි සුවිශේෂි දස්කම් දක්වා ඇති දෙව්මි අදට වඩා අනාගතයට බොහෝ බලාපොරොත්තු තබා ගත හැකි ක්‍රීඩිකාවක වන්නීය.එහෙත් ඇයගේ ශාරිරික යෝග්‍යතාවය සහ වේගවත් බව සුරක්ෂිතන පවත්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ අවධානයක් යොමු කර රැකගත යුතු ක්‍රිඩිකාවක්ය.ඇය තවමත් 19 හැවිරිදි ක්‍රීඩිකාවකි.


මේ අතර මීට පෙර සංචාරයේදී කණ්ඩායමේ ස්ථානය අහිිමි වූ හසිනි පෙරේරා,ඉනෝකා රණවීර මෙන්ම හංසිමා කරුණාරත්න ද කණ්ඩායමට නැවත කැඳවා ඇත.සියළුම තරග ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවත්වෙන අතර ප්‍රේක්ෂකයන් සඳහා නොමිලේ තරග නැරඹීම සඳහා අවස්ථාව සළසා ඇත.
මේ සමඟ තරගාවලියට සහභාගිවීමට දකුණු අප්‍රිකානු සහ ඉන්දියානු කණ්ඩායම් ශ්‍රී ලංකාවට සපැමිණෙන අවස්ථාවේ ඡායාරූපද එක් කර ඇති අතර පහතින් දක්වෙන්නේ තරගාවලියට නම් කර ඇති ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමය.
1.) චමරි අතපත්තු –
2.) විශ්මි ගුණරත්න
3.) හර්ෂිත සමරවික්‍රම
4.) නිලක්ෂි සිල්වා
5.) කවිෂා දිල්හාරි
6.) අනුෂ්කා සංජීවනී
7.) හසිනි පෙරේරා
8.) පියුමි වත්සලා
9.) මනුදි නානායක්කාර
10.) දෙව්මි විහංඟා
11.) ඉනෝකා රණවීර
12.) ඉනෝෂි ප්‍රනාන්දු
13.) හංසිමා කරුණාරත්න
14.) රශ්මිකා සෙව්වන්දි
15.) මල්කි මදාරා
16.) සුගන්දිකා කුමාරි
17.) අචිනි කුල්සූරිය

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...