*
Saturday, April 26, 2025
spot_img

Latest Posts

හොකී වැටෙන හැටි පේන ජය සහ පරාජ

නිශ්මං රණසිංහ අප්‍රේල් 26, කොළඹ LNW:

ඉන්දුනීසියාවේ පැවත්වෙන ආසියානු හොකී සම්මේලන තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් සඳහා වන තරග සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට තරගයේ අවසාන භාගයේ දි හොංකොං කණ්ඩායම ලබා ගත් ගෝලය නිසා අද තායිලන්තය සමඟ තරගාවලියේ හත්වන හෝ අටවන තැන වෙනුවෙන් සටන් කරන්නට සිඳුවෙනවා.ශ්‍රී ලංකාව හොංකෙං තරගය ජය ගත්තේනම් අද ඔවුන්ට තරග කරන්නට සිදුවන්නේ උසබෙකිස්තානය සමඟයි.ඒ 5 හෝ 6 වන ස්ථානය ලබා ගැනීම සඳහායි.


ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල 41 වන තැන සිටින අතර හොංකොං සිටින්නේ 50 වන තැනයි.ඒත් තරග අත්දැකීම් ලබා ගැනීමේදී හොංකොං වැනි රටකට ඇති ක්‍රීඩා කිරීමේ අවස්ථා ශ්‍රී ලංකාවට ලබා ගැනීමට වත්කමක් නැහැ.එසේ නොවීම ද ශ්‍රී ලංකා හොකී කණ්ඩායම පහත වැටීමට බලපාන බව කිව යුතුයි.


කෙසේ වුවත් තරගයේ පළමු අර්ධය නිමා වන විට ශ්‍රී ලංකාව ගෝල 3 – 3 ක් ලෙස සම තැනක සිටියා.තරගයේ පළමු තාක්ෂණ විවේකය එළැඹෙන මොහොත වන විට ශ්‍රී ලංකාව 2-1 ක් ලෙස ඉදිරියට එන්නට ද සමත්ව තිබුණා.ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු අර්ධය නිමා වන විට ධම්මික රණසිංහ (6 වන විනාඩිය),උදයශාන් ප්‍රනාන්දු (14 වන විනාඩිය) සහ සුරේෂ් රත්නායක (18 වන විනාඩිය) ගෝල ලබා ගනිමින් ලකුණු පූවරුව 3-1 ක් ලෙස සකස් කර ගන්නටද සමත් වුණා.එහෙත් පළමු අර්ධය නිමා වන්නට මත්තෙන් ක්‍රියාත්මක වූ හොංකොං ක්‍රීඩකයින් පළමු අර්ධය නිමාවන මොහොත වන විට 3-3 ක් ලෙස ලකණු තත්ත්වය සම කර ගන්නට සමත් වුණා.


දෙවන අර්ධයේ දී දෙපිළේම ආරක්ෂක අංශයන් දැඩිව තරගයේ යෙදුණ අතර ඒ හොංකොං ආරක්ෂාව බිඳ ගෝලයක් ලබා ගන්නට හැකි වුණේ ධම්මික රණසිංහ පමණයි.ඒ අනුව ධම්මික මේ තරගයේදි ශ්‍රී ලංකාව ලද ගෝල 4 න් දෙකකම හිමිකාරීත්වය ලබා ගැනීමට සමත් වුණා.
TSANG Kin Kan, ALI Farman, IU Felix Chi Him, AU Pak Ko Parco, HO Ching (C) හොංකොං කණ්ඩායම වෙනුවෙන් ගෝල රැස් කිරීමට සමත් වුණා.දියුණු තරගයක් ලබා දීමට සමත් වුවත්,තමන්ට වඩා ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක නවයක් පසුපසින් සිටින හොංකොං කණ්ඩායම ඉදිරියේ අවසානයෙ පරාජය වී නැවතීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිඳු වුණා.


අද ශ්‍රී ලංකාව තරග වදින තායිලන්ත කණ්ඩායම ද සිටින්නේ ශ්‍රී ලංකාවට බොහෝ පසුපස ශ්‍රේණියකයි.ඔවුන් 66 වන ස්ථානයේ පසුවෙනවා.ප්‍රථම වටයේදී දෙපිළ මුණ ගැසුණ මොහොතේ තායිලන්තය තරගය 1-1 ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීම නිසා මේ තරගයේදී තමන්ගේ තත්ත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට විශාල සටනක් දිය යුතුව තිබෙනවා.ශ්‍රී ලංකාව මේ තරගාවලියේ දී ලද කණගාටුදායකම පරාජය අත් කර ගත්තේ සහභාගි වූ පළමු තරගයේදී යි.එහිදී ලෝක ශ්‍රේණිගත කිරීම්වල 82 වන තැන පසුවන කසකස්තානය ඉදිරියේ 3-2 ක් ලෙස පරාජයට පත් වුණා.


මේ පරාජිත ඉරණමට ක්‍රීඩකයන් මුහුණ දීම සම්බන්ධයෙන් නොයෙක් දුක් අදෝනාවන් පසෙකලා වගකීම පරිපාලනය විසින් පවරා ගත යුතු වෙනවා.ක්‍රිඩා සමාජ මේ සඳහා ආර්ථිකමය වැඩ පිළිවෙලක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට හැකි පරිපාලනයක් ගෙන ආ යුතු වෙනවා.එසේ නොවන තාක් වන්නේ තරගාවලියක් ආසන්නයේ සුළු කාලයක් කණ්ඩායමක් තෝරා එය ශ්‍රී ලංකා කණ්ඩායම හැටියට ඉදිරිපත් කර ජාත්‍යන්තර තරග ලිටියේ ශ්‍රී ලංකාවට ඇති කීර්තිය දවසින් දවස හිඳෙන්නට හැරීමයි.ක්‍රීඩා අමාත්‍යංශයද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුුතු අතර සමස්ත රජය තමන්ගේ දේශපාලන පිනවීම් සඳහා ක්‍රීඩා අමාත්‍යංශයට සහ ක්‍රීඩාවට තනතුරු ප්‍රදානය කිරීම හැරෙන්නට දැක්මක් සහිතව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැති අතර සොයන බවක් ද දකින්නට නැහැ.


එසේ වන්නේනම් මැලේසියාවට එරෙහි රගර් තරගයේදී ක්‍රීඩා අමාත්‍යවරයාට එය ආණ්ඩුවේ තේමා පාඨය පෙරට දමා අඳහාගත නොහැකි ජයක් ලැබූ අන්දමෙන් සිය සමාජ මාධ්‍යවල සටහන් තබන්නට දෙන්නේ නැහැ.එසේම දේශපාලනිකව රටට හානිකර සිඳුවීමට පරදේසක්කාර ක්‍රීඩකයන් යෙදවීමට එරෙහිව මැලේසියාව විසින් ආනයනය කළ ක්‍රීඩකයන්ට 100% ක් දේශිය වූ ලාංකේය ක්‍රිඩකයන් දුන් පිළිතුර ද උත්කර්ශයට නඟන්නට තිබුණා.ඒත් ක්‍රීඩා අමාත්‍යවරයා වචනවලට අමතරව පරණ නාරාවල තුළම අසරණ කර ඇති තත්ත්වයක් ආණ්ඩුවේ ක්‍රීඩාව හැසිරීම තනතුරු ප්‍රදානයට ගන්නා තීරණ තුළ දකින්නට තිබෙනවා.


හොකී පිරිමි කණ්ඩායම යම් ආකාරයක සාධනීය මටටමකින් ක්‍රිඩා කළත්,ලෝකය ඔවුන්ව එකතැන නතරව සිටියදී පසුකර යමින් තිබෙන බව දැක ගන්නට හැකියි.මේ තත්ත්වය රටක් හැටියට අවබෝධ කර ගැනීම සහ සාකච්ඡාවට ගැනීම වැදගත් වන බව මේ තරගාවලියේ ප්‍රතිපල පැහැදිළි කරනවා.ආසියානු ආධිපත්‍යෙය් තිබුණ රගර් යුරෝපය විසින් අ්ත්පත් කර ගැනීමේ තත්ත්වයට බලපාන ආර්ථික සහ තාක්ෂණික පරිසරයේ සිට ක්‍රීඩාව වෙනස් වුණ ශිල්පීය ක්‍රමවේද වෙනුවෙන් සිය සම්ප්‍රදායන් අත හරිමින් ඉන්දියාව වැනි රටවල් පිවිසෙන්නට උත්සාහ දරමින් සිටිනවා පෙනෙනවා.ඔවුන් ඇත්තටම ලෝකයේ ක්‍රිකට් රජුන් නොව හොකී රජුන් ලෙස දිනා ගත් කීර්තිය අදටත් අද්විතීය මට්ටමක තිබෙනවා.ඒ ඉතිහාසය අත්පත් කර ගැනීම වෙනුවෙන් ඉන්දියාව සිය ව්‍යහුය වෙනස් කරමින්,වැය කරන කාලය සහ ශ්‍රමය තරමට නොවුණත්,ශ්‍රී ලංකා කණ්ඩායම්වලට මීට වඩා ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දිය හැකි ආර්ථික පරිසරයක් හොකී පරිපාලනය තුළ ඇති විය යුතුයි.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan